saravita-anim2

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා

Latest News - timelapse 7055 hours ago

LATEST

වාසනාවකට වගේ මා එන්නත් ලබාගත් නිසා ජීවිතය බේරුණා

calendar_today 2021 මැයි 16 - 21:10 remove_red_eye - 2435  

කොවිඩ්-19 ආසාදනය වී සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යන පල්ලව් බග්ලාට වෛද්‍යවරුන් යමක් පෙන්වීය. ඒ වෛරසයට එරෙහි එන්නත් ලබා නොගත් ඔහුගේම වයසේ දියවැඩියා රෝගියෙකුද වන ආසාදිත පිරිමියෙකුගේ පෙනහළුවල ස්කෑන් පරීක්ෂාවකි. වෛද්‍යවරු එය බග්ලාගේ පෙනහළුවල ස්කෑන් පරීක්ෂාව සමග සැසඳීය. එය දැකීමෙන් ඔහු විශ්මයට පත්විය.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 480ක් (16) දිනයේ හඳුනාගෙන ඇත. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,212කි.

Read More

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්වන බවත් අද පෙරවරුව වන විට තුන්වන ‍රැල්ලෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 711ක් බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි.

Read More

සංචරණ සීමා ඉවත් වුවත් හෙට සිට මැයි 31 දා තෙක් රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රාත්‍රියේ සංචරණ සීමා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 1732ක් වාර්තා වි තිබේ.

Read More

’’යම් කෙනෙක් ආසාදිතයෙක් නම් ඒ ආසාදිතයා ගිහින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. මොකද දැනටමත් ඔහුගේ ශරීරය තුළ වෛරසය තිබෙන නිසා. ඒ නිසා දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිත වෙයි කියලා සැක කරන අයට මේ එන්නත් ලබාදීම අපි ප්‍රමාද කරනවා. කොවිඩ් රෝග ලක්ෂණ වසන් කරලා එන්නත ගැනීමෙන් ද ප්‍රයෝජනයක් නෑ. එය සුදුසු නෑ.”

Read More

කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ගම්පහ ඩිපෝවේ සේවය කළ ලංගම සේවකයෙක් මියගොස් ඇතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.

Read More

හෙට දිනයේ සිට පිට පළාත්වල සිට දුම්රිය පහක් කොළඹට ධාවනය කිරිමට සැලසුම් දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

Read More

හෙට දිනයේදී සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග පළාත් අතර සීමිත බස්රථ ප්‍රමාණයක් හා දුම්රිය ප්‍රමාණයක් ධාවනය කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසී්‍ය.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,102ක් 16 දිනයේ පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අද (16)දා දහවල් වන විට සමස්ත රෝගින් සංඛ්‍යාව 3001 ක් දක්වා ඉහළ ගොස් ඇති බවමාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තාවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නවතම ශ්‍රී ලංකාව සිතියම නිකුත් කර තිබේ.

Read More

රූමත් කාන්තාවන් දෙදෙනකු යොදාගෙන රැයක් තිස්සේ මත්පැන් හා මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ පුද්ගලයන් පස් දෙනකු සහ එම කාන්තාවන් දෙදෙනා වැලිකඩ රාජගිරිය හෝටලයකදී අද (16දා) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය කියයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගුරුවරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

Read More

වසංගතය ආරම්භයේ සිට වඩාත් හොඳින්ම කොවිඩ්-19 පාලනය කළ රටක් ලෙස ප්‍රකට තායිවානයේ මේ දක්වා ඇති වූ ආසාදිතයන් සංඛ්‍යාව 1,475ක් තරම් අඩු මට්ටමක පැවතුණි. කෙසේ වෙතත් මෑත කාලීනව ලෝකයේ බොහෝ කලාපවල දැකගත හැකිවූ ආකාරයේ පූර්ණ ලොක්ඩවුන් හා සංචරණ සීමාවන් එතරම් නොමැතිව සාමාන්‍ය ජීවිතයක් ගෙවූ තායිවාන වැසියන්ට මෙම ආසාදන තත්ත්වය තරමක් තදින් දැනී ඇති බව කියයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (16) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 418 දෙනෙකු වන බවත් ඉන් වැඩිම පිරිස ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

දිවයිනට පැමිණ සිටින විදේශික සංචාරකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමට හැකි බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි.

Read More

අයහපත් කාලගුණයෙන් පිඩාවට පත්ව සිටින පුද්ගලයින්ට සිදුවු හානි පිළිබදව තක්සේරු වාර්තා අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා වන්දි ලබාදිමට සුදානම් බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි ප්‍රකාශ කළේය.

Read More

නුවරඑළිය මහ නගර සභා සිමාවෙන් ඊයේ (15දා) වැඩිම කොවිඩ් 19 වෛරසය අසාදනය වූ අසාදිතයන් පිරිසක් වාර්තා වු බවත් , එම පිරිස 173 ක් බවත් නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියේය.

Read More

බෙලිඅත්ත ඩී.ඒ.රාජපක්ෂ දිස්ත්‍රීක් ආයුර්වේද රෝහ‍ලේ ඇඳන් 100ක් සහිත වාට්ටු දෙකක් කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට වෙන් කරන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියයි.

Read More

කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ සිව්වන ගැබිණි කාන්තා මරණයක් (15) වාර්තා වී තිබුණි. එලෙස මියගොස් තිබුණේ තිස්සමහාරාම යායගොඩ පදිංචි වයස අවුරුදු 35ක ගැබිණි කාන්තාවකි. ඒ සමග​ම ඇයගේ මාස 8ක් වන බිළිඳිය ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී කන්දසාමි කන්නා මහතා මේ දිනවල කසළ ලොරියෙන් ගොස් නගරවල කසළ එකතු කිරීමේ කටයුතු සිදුකරමින් පවතී.

Read More

මාරවිල මුලික රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු 29ට කොවිඩ් 19 ආසාදිතවී ඇති බවට තහවුරු වීමත් සමග රෝහලේ ශල්‍යාගාරය, ශල්‍ය හා ගැබිණි වාට්ටු තාවකාලිකව ඊයේ (15දා) සවස සිට වසා දැමිමට පියවර ගත් බව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

Read More

පොලිස් මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී පසුගිය දිනෙක අනතුරකට ලක්ව තුවාල ලැබ ප්‍රතිකාර ලබමින් සිටි උපපොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කෑගල්ල බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ධාසය තුල ඵක් දිනකදී කොවිඩි මරණ දෙකක් සහ කොවිඩි ආසාදිත රෝගින් 30දෙනකු හදුනා ගෙන ඇති බවත් පවුල් 71ක් පමණ නිරෝධායනයට යොමු කර තිබෙන බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා ඊයේ පැවසීය.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඊයේ දින සවස් වන විට අලුතින් කොව්ඩ් ආසාදිතයන් 64 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 2491 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

පසුගිය පැය 24 ක කාලය තුල සංචරණ සීමා උල්ලංඝණය කළ 306 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බ​ව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.

Read More

කොවිඩ් මර්දනය කිරීම සඳහා රජය පිහිටුවා ඇති අරමුදල වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

අද සිට පිටකොටුව තොග වෙළද හුවමාරුව තොග වෙළදාම සඳහා පමණක් විවෘතව තැබේ.

Read More

අයහපත් කාලගුණික තත්ත්වය සහ අපදා හේතුවෙන් පසුගිය 13 වනදා සිට සිවුදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.