saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7527 hours ago

LATEST

ගංවතුර අනතුරු ඇඟවිම් ඉවත් කෙරේ

calendar_today 2021 ජුලි 12 - 15:52 remove_red_eye - 110  

අයහපත් කාලගුණය හමුවේ ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාම නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විසින් නිකුත් කළ පුර්ව ගංවතුර අනතුරු ඇඟවිම් ඉවත් කර තිබේ.

තවත් කොරෝනා ආසාදිතයන් 1,804 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 246,241 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පසුගිය කාර්තුවේ සියයට 4.2% ක ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට හැකි වුවත්, මාසයක කාලයක් සංචරණ සීමා පැනවීම නිසා එය යම් පසුබෑමකට මෙම කාර්තුවේදී ලක්වීමට ඉඩ ඇති නමුත් රට විවෘත කිරීම සහ බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනයත් සමඟ යළි අපේක්ෂිත ඉලක්ක කරා ආර්ථිකය මෙහෙයවිය හැකි බවත් මුදල්,ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේය. මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් උඩිස්පත්තුව මහවැලි ක්‍රීඩාංගනයේ

Read More

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2021 වසරේ මැයි මස 31 වැනි දිනට පුරප්පාඩු 688 ක් පවතින අතර ඒවා කඩිනමින් පිරවීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කරන ලෙස කාරක සභාවේ සභාපතිල පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා පසුගියදා එම අධිකාරියට දැනුම් දුන්නේය.

Read More

දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී ඇති ව තිබෙන ගැටලුකාරී තත්ත්වයට ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් වී හැකි ඉක්මනින් විසඳුමක් ලබාදිය යුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඉල්ලීමක් කළේය.

Read More

පළාත් තුළ පෞද්ගලික බස් ධාවනය අද සිට ඉහළ දමා ඇති බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව සදහන් කරනවා.

Read More

ගතවු දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

ජීවනෝපාය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සංචාරකයන් ලෙස සැරිසරමින් ජීවිතය ගතකරන පුද්ගලයින් ඩිජිටල් සංචාරකයින් ලෙස හඳුන්වනු ලැබේ.ඩිජිටල් සංචාරකයින් බොහෝ විට මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයක් ඇති ඉහළ මට්ටමේ ස්වයං විශ්වාසයක් සහ විනයක් සහිතව කටයුතු කරනු ලබයි.

Read More

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව අතිරේක ආහාර වශයෙන් නම්කරමින් ඖෂධ ශාලාවල ඇති ඖෂධ වර්ග ඉවත් කිරීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.

Read More

ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ මූලික පියවර අගෝස්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් 125,877 දෙනෙකුට ඊයේ දිනයේදි එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read More

හුදකලා කර ඇති බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතු යායේ පහල කොටසේ සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා 115 කින් නව අසාදිතයන් 35 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය අනලතිවු දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජූලි 12) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 344යි ග්‍රෑම් 550ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කර තිබේ. ඒ අනුව දුම්රිය ගමන් වාර 103ක් අද සිට ක්‍රියාත්මකයි. ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවත් දුම්රිය ධාවනයට යොදවන බව දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටියේ​ය.

Read More

බූස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

Read More

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 41,000 කට මේ වනවිට නඩු පවරා ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කර සිටියි තවත් 8,000 ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read More

ආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර ලබාදීමත් සමග අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ ප්‍රමුඛ ඓතිහාසික සිද්ධස්ථාන වන්දනාවට බැතිමත්හු පැමිණෙති. අද උදෑසන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගැනීමට සැදැහැවතුන් පැමිණ සිටි අයුරු ඡායාරූපවල දැක්වෙයි.

Read More

හලාවත නගර සභාවේ නගරාධිපති තුෂාන් අබේසේකර සහ ඔහුගේ සහෝදරයෙකු විසින් පුද්ගලයෙකු බලහත්කාරයෙන් රදවාගන සිදුකළ පහර දීමක් සම්බන්ධයෙන් සැකපිට අද (12දා) අලුයම අත්අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසයි.

Read More

රාගම රෝහලේ වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේ වෛද්‍යවරියක සිටින කාමරයකට අයුතු ඇතුළුවීමක් සිදුකර ඇය ඇඳුම් මාරු කරන අවස්ථාවේදී ඡායාරූප ගත කළ බව කියන වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

දිවයින පුරා සියලු පාසල්වල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද (12) ආරම්භ වේ.

Read More

ඉන්දියාවෙන් ගෙනා එන්නතක ඒඩ්ස් සංඝටක ඇත බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා සත්‍යයෙන් තොර බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

Read More

දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් අද සිට හුදෙකලා කරිමිට පියව ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා තවත් 26,000 ක තොගයක් අද දින අලුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

’’මම වරක් තරු දෙස බලා සිහින දැක්ක දරුවෙක්. දැන් මම අපේ සුන්දර පෘථිවිය දෙස අභ්‍යවකාශයේ සිට බැලූ වැඩිහිටියෙක්’’ යැයි ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශයේදී වීඩියෝවකින් පැවසීය.

Read More

ගිනි ගැනීමට ලක්වූ නෞකාව හේතුවෙන් රැකියාව අහිමි වූ ධීවරයින් සඳහා වන්දි ගෙවීම හෙට (12) සිට ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

තමාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කිසිඳු බියක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියි. එලැඹෙන 19 හා 20 දෙදින තුළ මෙය විවාදයට ගැනීමට නියමිතව ති​​​බේ.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 506 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,492 ක්.

Read More

චීනයේ ෂුරොන්ග් රෝවරය අඟහරු ගවේෂණයේ යෙදෙමින් අද (11දා) රාත්‍රී 8.00 වනවිට රතු ග්‍රහලෝකයේ මීටර් 410කට වඩා වැඩි දුරක් ගමන් කළ බව චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 52 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

මුතුරාජවෙල තෙත් බිමට අයත් අක්කර 100ක ඉදිකිරීමට නියමිත විදුලි බලාගාර ව්‍යාපෘතියට විරෝධය පලකරමින් කතෝලික පියතුමන්ලා ඇතුළු ප්‍රදේශවාසීන් අද විරෝධතාවක් පවත්වා ති​බේ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.