saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 7517 hours ago

LATEST

ත්‍රීරෝද රථ රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

calendar_today 2021 අගෝ 09 - 10:08 remove_red_eye - 686  

ත්‍රීරෝද රථ රියදුරන් විසින් රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යෑමේ දී විමසිලිමත්ව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

වැලිසර පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුපුරන ද්‍රව්‍ය ගබඩාවකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් අතුරුදන් වීමේ සිද්ධියට අදාලව පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

දුම්රියවල මගී තදබදය අවම කිරීම සඳහා අද සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

පිඹුර රෝහලේ තාවකාලිකව ඉදිකළ කොව්ඩ් වාට්ටුව මාස තුනක් තිස්සේ භාවිතයට නොගත් නිසා තාවකාලික ඉවත් කළ බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

Read More

පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයින්ගේ රාජකාරී හැදුනුම්පත් පරීක්ෂා කිරීම් අද සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

Read More

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ආරම්භ කළ එන්නත් වැඩසටහන අද දිනයේත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.

Read More

ගතවූ පැය විසි හතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 130දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , ඇමෙරිකාවේ නිෂ්පාදිත ’’ ෆයිසර් ’’ එන්නත් තවත් මාත්‍රා ලක්ෂයක් පමණ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් 08/09 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

ෆවුසිගේ විවේචන පැමිණෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය එක්සත් ජනපදය පුරා වැඩි වෙමින් පවතින පසුබිමකය. ඒ එන්නත් නොකළ ඇමෙරිකානුවන් එන්නත්කරණයට යොමුකර ගැනීම සඳහා වත්මන් ජනපති බයිඩන්ගේ පරිපාලනය කවරාකාර ක්‍රමවේදයක් තක්සේරු කරනු ඇතිද යන්න කිරා මැන බලන සමයකය.

Read More

නිරෝධායන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා තමන් පොතක් රචනා කිරීම අරම්භ කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

කළුබෝවිල රෝහලේ වත්මන් තත්වය සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (08දා) සවස එහි ගොස් තිබේ.

Read More

මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථභාවය සීමා කිරීමකින් තොරව කොවිඩ්-19 පරීක්ෂාවකට ලක්කළ පුද්ගලයන් 2,000ක් පමණ යොදාගෙන මෙම නියමු ව්‍යාපෘතිය සිදුකර ඇත.

Read More

නෙළුව පොලිස් බල ප්‍රදේශය තුළ කොවිඩ් ආසාදිතයින් වැඩිවිම හේතුවෙන් හෙට සිට 11 වනදින දක්වා දින තුනක් නෙළුව නගරයේ සියලුම වෙළෙදසැල් වසා දැමිමට තිරණය කළ බව නෙළුව වෙළෙද සංගමය සඳහන් කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 12ත් 18ත් අතර පාසල් දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතය ආරම්භ වූදා සිට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ මහජන අනුමත ශ්‍රේණිය (ජනප්‍රියත්වය) අවම අගයට පැමිණ ඇත්තේ අගුලු දැමීම හේතුවෙන් වර්ධනය වන බලාපොරොත්තු සුන්වීම් සහ එන්නත් කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී වීම නිසා බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

Read More

ඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 94 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,111ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ග්‍රෑන්ඩ්පාස් නාග ලම් වීදිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

තලේබාන් සංවිධානය ඇෆ්ගන් හමුදාවන්ට එරෙහිව සිය ප්‍රහාරය අඛණ්ඩව සිදුකරමින් මෙසේ උතුරු පළාත් කුන්දුස් අගනුවර බලය අත්පත් කරගෙන ඇත. ඇෆ්ගන් හමුදාවන්ට එය විශාල පහරක් වුවත්, දෙපාර්ශ්වය අතර දරුණු සටන් පවතින එකම නගරය එය නොවේ.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමගි ජනබල වේගයෙන් ඉවත් කරන නිල නිවේදනයක් නිකුත් කළ යුතු බව සුරකිමු ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ පවසනවා.

Read More

මාතර නගරයේ පැවති ගුරු විදුහල්පති විරෝධතාවක් අතරතුර නිරෝධායන නීති උල්ලංඝනය කිරිමේ චෝදනාව මත සමඟි ජන බලවේගය නියෝජනය කරන හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බෙහෙවින් බෝවන ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම හේතුවෙන් වර්තමාන වැඩිවීම බොහෝදුරට එක්සත් ජනපදය තුළ එන්නත් නොකළ ජනගහනය අතර පැතිර යන බව සඳහන් වෙයි.

Read More

කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි හා බරපතල රෝගාබාද ඇති ජනතාවට ලබන අඟහරුවාදා (10) දින සිට දින තුනක් තුළ එන්නත්කරණය සිදු කිරීමට නියමිතව ඇ​ත.

Read More

කොරෝනා ව්‍යසනයේ දැන් තියෙන තත්ත්වය මත රට මුළුමනින්ම විවෘත යාමට නොහැකි බවත් කොරෝනා වසංගතය ව්‍යාප්තවූයේ එන්නත් කරණයේ ප්‍රමාදය නිසා වූවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (8) බද්දෙගමදී කීවේය.

Read More

හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ කේන්ද්‍ර කරගෙන කෘෂි නිෂ්පාදන හුවමාරු කේන්ද්‍රස්ථානයක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් කාර්ය සාධක බලකායට කොවිඩ් පාලනය කිරීමට නොහැකි බවත් ඒ අනුව කොවිඩ් මර්දනය සඳහා වහාම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් ස්ථාපිත කළ යුතු බව​ට එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිවාස සංවර්ධන ව්‍යාපෘති සාර්ථක ලෙසින් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා පවසනවා.

Read More

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 45,000ක පමණ පිරිසක් ළමුන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත සඳහන් කර සිටියි.

Read More

ලබන වසර සඳහා ද වාහන ආනයනය කිරීම තහනම් කිරීමට රජය තීරණය කර බවත් 2022 වසර වෙනුවෙන් නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කෙරෙන අයවැය සඳහා අමාත්‍යාංශ සඳහා ප්‍රතිපාදන සකස් කිරීම සඳහා දැඩි මාර්ගෝපදේශන නිකුත් කළ බවත් උසස් භාණ්ඩාගාර නිලධාරියෙක් සන්ඩේ ටයිම්ස් පුවත්පතට සඳහන් කර තිබේ.

Read More

හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා ශ්‍රී ලංකාවේ දේශපාලනයට එන බවට වාර්තාවන තොරතුරු අසත්‍ය බව හිටපු ජනපතිනිය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.