හාලිඇල පොලිසියේ කෝවිඩ් ආසාදනය වූ පොලිස් නිලධාරීන් 12දෙනෙකු ඊයේ (31) බිදුනුවැව සහ දියතලාව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකක වලට ඇතුළත් කර පොලිස් නිලධාරීන් 18දෙනෙකු නිරෝධනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ පවසයි .
ශ්‍රී ලංකා පොලිස් මුලස්ථානය පැපිලියාන ප්‍රදේශයේ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් 127,510ක් වාර්තා වී ඇති අතර, එය ගෙවුණු දින 54ක් තුළ වාර්තා වූ අවම අගය බවට පත්ව ඇත්තේ දෛනික ධනාත්මක අනුපාතය 6.62%ක් දක්වා පහත වැටෙමිනි. සමස්තයක් ලෙස ඉන්දියාවේ දීර්ඝ කාලීනව ලොක්ඩවුන් සීමා අඛණ්ඩව පැනවීම සහ එන්නත්කරණය ඒ සමගම වේගවත් කිරීමද ආසාදන අඩුවීමට හේතු වී ඇති බව විශේෂඥයෝ පවසති.
Read Moreලුණු හිඟයක් පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස ලංකා ලුණු සමාගම ජනතාවට දැනුම් දෙයි.
Read Moreභික්ෂූන් වහන්සේ, අන්‍යාගමික පූජකතුමන්ලා ඇතුළු සියලු ආගමික නායකයින්ට එන්නත්කරණයේ ප්‍රමුඛතාව ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
Read Moreකොවිඩ් ආසාදිත මහා සංඝරත්නය උදෙසා සැලසුම් කළ ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය අද (01) දින මහනුවර දී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ධුරය සඳහා ඉල්ලීමක් ලැබී ඇත. කෝවිඩ්-19 තත්වය හේතුවෙන් බංග්ලාදෙශ කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු පුහුණුකරු ඩැනියෙල් විටෝරිට එම කණ්ඩායම සමගින් එක්වීමට නොහැකිවීම නිසා හේරත්ට මෙම තනතුරට ඉල්ලුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණෙන දේශීය සහ විදේශීය ගුවන් මගීන් සදහා ගුවන් තොටුපළ විවෘත කිරීම අද දින අලුයම 12.00 ට සිදු කෙරුණු බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreමොනරාගල සිරිගල පිහිටි යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකයක් බවට පත්කිරීමට මොනරාගල දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව පියවරගෙන ඇත.
Read Moreකොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ (31) දිනය තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 84,565ක් ලබා දී තිබේ.
Read Moreනිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වු පුද්ගලයින් 5 දෙනෙකු යාපනය අරසාඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඊයේ (31) දිනය තුළ නිරෝධායන නීති උල්ංඝනය කරිම හේතුවෙන් පුද්ගලයින් 1047ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (31දා) නව නම් හෙළි කළේ මෙතෙක් කලක් වෛරස ප්‍රභේදයන් හැඳින්වූ නම් වඩාත් සංකීර්ණ මෙන්ම, ඒවා ඉස්මතු වූ කලාපයන් වෙත අපකීර්තියක් ඇති කරන බවද පෙන්වා දෙමිනි. ’’ප්‍රභේද හඳුනා ගැනීම සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් කිසිදු රටක් අපකීර්තියට පත් නොවිය යුතුයි’’ යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යාඥ මාරියා වැන් කෙර්කොව් පැවසීය.
Read Moreකොවිඩ් ආසාදිත මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreනගර සියයක් එකවර අලංකරණය කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ යෝජනා සදහා තවදුරටත් නිරීක්ෂණ ලබා දිය යුතු බව කැබිනට් මණ්ඩලය විසින් පවසා ඇති බව වාර්තා වේ.
Read Moreමෙරට මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා වන සාකච්ඡාවක් හෙට (01දා) සවස 5ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
Read Moreචීනයේ නිෂ්පාදිත තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ජුනි 05 වැනි දා දිවයිනට රැගෙන එන බව ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.
Read Moreපෙර පාසල් ගුවරුවන් සදහා දැනට ලබාදෙන රුපියල් 250 මාසික දීමනාව රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 1,351 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,882ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 186,334ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (31) පෙරවරුවේ පැවැති අවස්ථාවේ සභාපතිවරයා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.
Read Moreකොවිඩ්-19 වසංගතය ලෝකය තුළ තවදුරටත් මන්දගාමී හා නොසැලකිලිමත් ලෙස හැසිරවීමක් ලොවපුරා බොහෝ රටවල දැකිය හැකි නිසා, අනාගතයේදී පැතිර යා හැකි වසංගතයකදී ජීවිත හා ජීවනෝපායන් විනාශවීම වැළැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රටවල් මීට වඩා ශක්තිමත් විය යුතු බවට කතාබහක් ඇති වී තිබේ.
Read Moreඊයේ සහ අද දිනයේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තොගවෙළෙදුන්ට සහ ජංගම වෙළෙදුන්ට භාණ්ඩ මිලදි ගැනිමට අවස්ථාව සලසා දි තිබු අතර එය අදින් අවසන් වෙයි.
Read Moreගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම් ලා ඇති නෞකාවකට ආරක්ෂාව සැපයීම සඳහා ගෙන ගිය ගිනිඅවි 36ක් හා පතොරම් තොගයක් මුහුදට වැටී ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් වෙරළට ගසාගෙන පැමිණි අපද්‍රව්‍ය ඉවත් කිරීම ආරක්ෂක අංශවල දායකත්වය යටතේ තවදුරටත් සිදුකෙරමින් පවතී. මේ පමුණුව වෙරළ තීරයට ගොඩා ගසා තිබූ අපද්‍රව්‍ය ඉවත් කරන අයුරුයි
Read Moreපොලිස් නිලධාරින්ගේ නිවාඩු ජුනි 15 වනදා දක්වා අවලංගු කිරිමට තිරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
Read Moreකටුනායක ප්‍රදේශය තුළින් 05/31 දින කොරෝනා ආසාදිතයන් 93 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreඅද (31) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,531ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඊට ප්‍රතිචාර දක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමා සුදුසුම අවස්ථාවේදී සුදුසුම තීරණය ගන්නා බවයි.
Read Moreමෙරට නව නීතිපති ලෙස වැඩ භාරගත් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අද (31) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැහැ දුටුවේය.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයන් 1,915 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 151,740 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More