saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7386 hours ago

LATEST

මරඳගහමුල සියලු වෙළෙඳසැල් සතියක් වැසේ

calendar_today 2021 අගෝ 15 - 15:14 remove_red_eye - 206  

හෙට (16) රාත්‍රී 9.00 සිට සතියක කාලයක් මරදගහමුල සියලු කඩසාප්පු වසා දැමීමට මරදගහමුල ව්‍යාපාරික සංගමය තීරණය කර තිබේ.

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට කැදවීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

Read More

රට වැසීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් එය සිදුකිරීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි. නීතියෙන් කරන දේට වඩා ස්වයං සංචරණ සීමා පනවා ගැනීමට මගින්ද මෙය පාලනය කර හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ​ය.

Read More

කොරෝනා රෝග තත්ත්වය අධික ලෙස පැතිර යාම සැලකිල්ලට ගනිමින් ගම්පහ නගරයට ජනතාව ඇදී ඒම වලක්වාලීම පිණිස ගම්පහ නගරයේ වෙළඳසල් සහ සියලුම ව්‍යාපාරික ස්ථාන හෙට (16දා) සිට සතියක කාලයක් වසා තැබෙන බව නාගරික එක්සත් වෙළඳ සංගමය සදහන් කරයි.

Read More

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින්ට ඒ සඳහා සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව කැඳවීමක් කර තිබෙනවා.

Read More

නිරෝධායන නීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 108 දෙනෙකු පසුගිය පැය 24 තුළ අත්අඩංගුව‌ට ගෙන තිබෙනවා.

Read More

විවිධ ආසාත්මිකතා ඇති පුද්ගලයින්ද කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසා සිටියි.

Read More

යුද්ධ හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සිටියදී යුද ප්‍රහාරයකින් පාද දෙකම අහිමි වූ සෙබලා ඝාතනය කර මළ සිරුර හොරවල තොටුපොළ ආසන්නේ වගුරු බිමක දමා තිබියදී අද (15දා) හමුවූ බව ඉත්තෑපාන පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 4527502ක් වෙත කොවිඩ් 19 එන්නතේ මාත්‍රා දෙකම ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

බුත්තල-කටුගහගල්ගේ වැවේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේගිලී මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.

Read More

ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයකුට වඩා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයෙකුගේ වෛරස් ප්‍රමාණය වාතයට එක් වීම සි​යගුණයකින් ඉහළ බව සෞඛ්‍ය අංශ පවසා සිටියි.

Read More

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය සහ වේරහැර ඇතුළු අනෙකුත් සියලුම ශාඛාවන් මගින් හෙට (16) දිනයේ සිට සේවා සැපයීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත්කර තිබේ.

Read More

මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය රටේ මූලික ප්‍රභේදය බවට පත්වෙමින් ශීඝ්‍ර පැතිර යාමක් දක්වන නිසා එය වැළැක්වීමට ඉක්මන් පියවර නොගතහොත් සැප්තැම්බර් වන විට ලංකාවටම අයත් වෙනස්ම විකෘති ප්‍රභේදයක් බිහි විය හැකි බව වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවන බව දේශය ඉරිදා පුවත්පත වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට ස්කොට්ලන්ත පොලීසිය විසින් ලබාදෙන පුහුණුව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

Read More

කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් මහරගම නගර සභාවේ ගොඩනැගිලි අංශය සහ සංවර්ධන අංශය තාවකාලිකව වසා දමා ඇති බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි

Read More

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර ඊයේ රාත්‍රී 7.15 යෙදුණු සුභ මොහොතින් විථි සංචාරය කළේය.

Read More

නිරෝධායන උපදෙස් කඩ කරමින් මල්වර මගුල් උත්සවයක් පැවැත්වූ පුද්ගලයින් 50 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කටයුතු කර තිබෙනවා.

Read More

දික්වැල්ල කෝන්දෙණිය ප්‍ර දෙශයේදී මහජන පරික්ෂකවරුන් දෙදෙනෙකුට පහරදුන් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුව ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

භූමිකම්පාව හේතුවෙන් එරට දකුණු අර්ධද්වීපයේ බටහිර කොටසේ නගර දෙකකවත් රෝහල්, ගොඩනැගිලි සමතලා වී සුන්බුන් අතර විශාල පිරිසක් සිරවී ඇති බව වාර්තා වෙයි.

Read More

Invitational T20 League ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට SLC Blues කණ්ඩායම සමත් විය.

Read More

කොවිඩ් වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකු ආදාහනය කරද්දි පළාත් පාලන ආයතනයකට මුදල් ලබා ගැනීමට අවශ්‍යනම් එම මුදල තමාගේ පෞද්ගලික මුදලින් ලබා දීමට සූදානම් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

Read More

සෞඛ්‍ය ලේකම්වරයා පැවසුවේ මෙම දිනය වනවිට එන්නත් ලබා දීමෙන් ලබන මාසයේ පාසල් හෝ උසස් විද්‍යාල ආරම්භ කිරීමට පෙර නව යොවුන් වියේ දරුවන්ට යම් ආරක්ෂාවක් ලබාගත හැකි බවයි.

Read More

පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරින් 10 දෙනෙකුට පසුගිය සති දෙකෙදි කොවිඩ් ආසාදනය වි ඇති බව පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.

Read More

රාගම රෝහල වෙත නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත කර සිටි වයෝවෘද්ධ කාන්තාවක් මිය යෑමෙන් පසුව ඇයගේ සිරුර අතුරුදහන් වී ඇති බවට පැමිණිලි ලැබී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

Read More

මේ වනවිට නැගෙනහිර ජලලාබාද් නගරයද තලේබාන් අල්ලා ගත් අතර, එක්සත් ජනපදය සිය සිවිල් වැසියන් රටින් ඉවත් කිරීමට ආධාර කිරීම සඳහා තවත් භට පිරිස් ඇෆ්ගනිස්තානය වෙත එවීමට කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 160ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5935ක් දක්වා වාර්තා වී තිබේ. අද වාර්තා වූ මරණ සංඛ්‍යාව ශ්‍රී ලංකාවෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වෙයි.

Read More

හෙට (15) සිට අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට අම්බලන්තොට වෙළඳ සංගමය තීරණය කර තිබේ.

Read More

ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයන්ගේ අධික වර්ධනය සහ සෞඛ්‍ය සේවකයන්ගේ හිඟය හේතුවෙන් මිසිසිපි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානය එහි වාහන අංගනය තුළ ඇඳන් තබා රෝගීන්ට ලබාදීමට කටයුතු කරන බව කියයි.

Read More

Invitational T20 League ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Greys කණ්ඩායම සමත් වි​ය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.