saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 7378 hours ago

LATEST

දීර්ඝ කාලයක් රට වසා දැමීමට සිදුවුවහොත් කැපකිරීම් කරන්න සුදානම් වන්න

calendar_today 2021 අගෝ 20 - 20:30 remove_red_eye - 1723  

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20දා) ජාතිය අමතා කරන ප්‍රකාශය

ඩෙල්ටා වසංගතයේ සැබෑ පැතිරීමේ ප්‍රමාණය තවමත් නොදන්නා බැවින්, නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන් විසින් එරට කොරෝනා වෛරසයට එරෙහි දැඩි ලොක්ඩවුන් තත්ත්වය අද (20දා) තවදුරටත් දීර්ඝ කර තිබේ.

Read More

එල්.ටි.ටි.ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරිමේ අරමුනින් නිර්මාණය කරන ලද විඩියෝ දර්ශන කිහිපයක් ඇතුළත් ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදි තරුණයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලංකාවේ පැතිර යන ඩෙල්ටා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුනක් සොයා ගත් බවත් එකම සෛලයක විකෘති අවස්ථා තුනක් එකවර හඳුනා ගැනුණු ලෝකයේ පළමු අවස්ථාව මෙය බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.

Read More

රටේ වර්තමාන කොවිඩ්-19 පැතිරයාමේ කේන්ද්‍රස්ථානය වන ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (20දා) නිවේදනය කළේ ග්‍රේටර් සිඩ්නි හි අගුලු දැමීම සැප්තැම්බර් අවසානය දක්වා දීර්ඝ කරන බවයි.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළද මහනුවර මහනුවර ශ්‍රී දළඳා මාළිඟාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා පවසා සිටියි.

Read More

වයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත ලබා ​නොගත් සියලු ​දෙනාට එන්නත ලබාදීම ඉලක්ක ක​රමින් ​මෙම තීරණයට එළැඹි අතර , සැප්තැම්බර් 01. දාට පෙ​ර ඔවුන් එන්නත්ක​ර අවසන් කිරීමට ජනාධිපති උපදෙස් දී තිබේ.

Read More

ප්‍රබල භූ කම්පනයකින් ජීවිත 2,000කට වඩා අහිමි වී සිටින හයිටි වැසියන් තමන් වෙත මානුෂීය ආධාර රැගෙන එන ට්‍රක් රථ කොල්ලකා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳ‍හා යොමු වීමට නොහැකි වන සිසුන් සඳහා වෘත්තීය පුහුණු ඇතුළත් කරමින් අධ්‍යාපන ආයතන වැඩි වශයෙන් බිහි කළ යුතු බව නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය කඩ නොකරන ලෙස දැඩි උපදෙස් ... අත්‍යාවශ්‍ය සහ අපනයන සේවා අඛණ්ඩව ... නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුළ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට එන්නත ..

Read More

අද(20) රාත්‍රි 10.00 සිට බල පැවැත්වෙන නිරෝධායන ඇඳිරි නීතිය අධිවේගී මාර්ග හා දිවයිනේ සියලුම මාර්ග සංවර්ධන ව්‍යාපෘති හා ඉදිකිරීම් කරන සේවකයින්ට සේවා කරගෙන යාමට බාධාවක් නොමැතිබව​ට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියි.

Read More

මේ වසරේ අගෝස්තු 01 දා සිට දෙසැම්බර් 31 දා තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කළ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව ඇන්ජලෝ මැතිව්ස් විසින් නොසලකා හැරි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Read More

මැණික් ගැරීමට ලබා දී ඇති බලපත්‍ර අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර තිබෙනවා.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි බව හමුදාපතිවරයා සඳහන් කර සිටියේය.

Read More

අද (20දා) රාත්‍රී 10 සිට 30 දා රාත්‍රී 10තෙක් රට වසා තැබීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කරයි.

Read More

වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු තුන්දහසකට අධික සෞඛ්‍ය සේවකයන් පිරිසක් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝගීන් වී ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග පවසයි.

Read More

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම සාධනීය ලෙස ගෙන ජනාධිපතිවරයා ඊට ඇහුම්කන් දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. අද (20) ජනාධිපති කාර්යාලයේදී පැවති කෝවිඩ් මර්දනය සම්බන්ධයෙන් රැස්වීමෙන් අනතුරුව චන්න ජයසුමන මහතා ​මේ බව පවසා සිටියි.

Read More

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සිය පාර්ලිමේන්තු වැටුප කොවිඩ් අරමුදල සඳහා පරිත්‍යාග කර තිබේ. මෙම ක්‍රියාව ජනාධිපතිවරයාගේ ප්‍රසංශාවට ලක්වී ඇති බවයි ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සි​ටියේය..

Read More

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණද , අමාත්‍ය විමල් විරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණද , අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණද, පසුහියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී තිබේ.

Read More

මහවැලි කලාපවල මිරිදිය මත්ස්‍ය කර්මාන්තය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More

කොවිඩ් නිසා ශ්‍රී ලංකාවේ මිය යන පුද්ගලයන් සංඛ්‍යාව අඩුකිරීම තම පළමු අරමුණ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

රිඡ්වේ ආර්යා ළමා රෝහලේ මේ දිනවල දිනකට කොවිඩ් ආසාදිත දරුවන් 25 ක් 30 ත් අතර ප්‍රමාණක් වාර්තා වන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව ජනපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20දා) රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. මෙහිදී කොවිඩ් වසංගතය පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

කොවිඩ් මර්දන එන්නත් ලබාගත් අ​ය වෙතින් එම වෛරසය තවත් කෙනෙකුට බෝවීමේ හැකියාව සියයට 65කින් පහළ බසින බව​ට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසා සිටියි.

Read More

මේ මස පළමුවනදා සිට ලබන මස 30 වනදා දක්වා කාලය තුළ අවලංගු වීමට නියමිතව තිබූ ඛණිජ කැණීම් හා වෙළදාම සදහා නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු කාලය ලබන මස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 75% ක්, රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ සේවකයන්ගේ වැටුපෙන් 50%ක් සුළු කම්කරුවන්ගේ වැටුපෙන් 30%ක් පරිත්‍යාග කරමින් මෙම දායකත්වය දැක්වීමට තමන් යෝජනා කරන බවයි.

Read More

“කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් ඉතාමත් මානුෂීය අයුරින් කටයුතු කළ හැකි ආකාරය මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මෙරට ජනතාව නිරතුරුවම දැනුමත් කරමින් සිටින බැවින් ඔභගේ සේවය ඔබ ලබා ඇති අත්දැකීම්වලට අනුව කොරෝනා ආසාදිත රෝගීන් වෙත උපරිමයෙන් ලබාදීම සඳහා දැනට කොරෝනා ප්‍රතිකාර ඒකකයක් වශයෙන් යොදාගෙන ඇති වාට්ටු අංක 36 වෙත 2021/08/18 සි සති 4ක කාලයක් සඳහා අනියුක්ත කරමි”

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

Read More

නව ඩෙල්ටා ප්‍රභේදය මෙරටදී වෙනස්කම්වලට ලක්ව ඇත්දැයි සොයා බැලීම සඳහා සිදු කළ පරීක්ෂණයේ වාර්තාව අද(20) නිකුත් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.