saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6542 hours ago

LATEST

ඇෆ්ගන් ජනපති රටින් පැන යයි තලේබාන් කාබුල් නුවරට ඇතුළුවෙයි

calendar_today 2021 අගෝ 15 - 22:39 remove_red_eye - 1560  

කාබුල්, අගෝස්තු 15 (ෂින්හුවා) - ඇෆ්ගනිස්ථාන ජනාධිපති මොහොමඩ් අෂ්රෆ් ඝානි රට හැර ගිය බව ඇෆ්ගන් ජාතික සංහිඳියා කවුන්සිලයේ ප්රධානී අබ්දුල්ලාහ් අබ්දුල්ලා ඉරිදා සවස පැවසීය

මහනුවර හන්තාන ප්‍රදේශයේ භික්ෂු පිරිවෙනක ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 30 නමකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අංශ පවසයි .

Read More

කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් නිසි පියවර නොගැනීමෙන් ශ්‍රී ලංකාවේ 30000කට ජීවිත අහිමිවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ලිංගික හිංසනය පිළිබඳ ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිෂන් සභාවේ 2020 වාර්තාවෙන් හෙළි වූයේ පසුගිය පස් වසර තුළදී පතල් කර්මාන්තයේ යෙදුණු කාන්තාවන්ගෙන් 74%ක් යම් ආකාරයක ලිංගික හිංසනයකට ලක්ව ඇති බවය.

Read More

කළුතර බන්ධනාගාරයට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය පාර්සල් දෙකක් සොයා ගෙන තිබේ.

Read More

සමහර ප්‍රදේශවල භූකම්පනයෙන් දිවි ගලවා ගත් අයට ඔවුන්ගේ ඉතිරි වූ බඩු ටිකත් සමඟ වීදිවල හෝ පාපන්දු පිටියේ නවාතැන් ගැනීමට සිදු වූ අතර, රෝහල්වල ඉඩකඩ සීමිත වීම හේතුවෙන් තුවාල ලැබූවන්ට උපකාර කිරීම සඳහා සෞඛ්‍ය අංශ පොරබදමින් සිටියහ.

Read More

හෙට රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා දිවයිනම ආවරණය වන පරිදි දිනපතා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. අත්‍යවශ්‍ය සේවාවන් හැර සෙසු පුද්ගලයින්ට එම කාලය තුළ සංචරණය තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේය.

Read More

ඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 161 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,096ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

ඉන්දුනීසියාවේ මිලියන 3.7කට වැඩි සංඛ්‍යාවක් කොවිඩ්-19 ආසාදන තහවුරු වී ඇති අතර, තවත් 100,000කට වඩා වැඩි සංඛ්‍යාවක් මරණයට පත්වීම නිසා ඉන්දුනීසියාව ආසියාවේ නරකම කොරෝනා වසංගතයක් සමග පොරබදමින් සිටී.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් 285 දෙනෙකුට මේ වන විට කොවිඩ් ආසාදිතයින් බවට පත්වි ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

කාබුල් නුවර බලය අත්පත්කර ගැනීමටද තලේබාන් සංවිධානය සූදානම්වන අවස්ථාවකදී ඔවුන්ට බලය පවරාදීම සඳහා ඇෆ්ගනිස්තාන රජය හා තලේබාන් සංවිධානය අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව ජාත්‍යන්තර මාධය වාර්තා කරයි.

Read More

Invitational T20 League ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා ධනංජය ද සිල්වා, චරිත් අසලංක හා චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් මේ වන විට මහනුවරට පැමිණ තිබේ.

Read More

මුහයිඩින්ගේ ඉල්ලා අස්වීම මාස 17ක කලබලකාරී නිල කාලය අවසන් කරන අතර, මැලේසියාව තුළ කොවිඩ්-19 ආසාදිතයන් ඉහළ යාම සහ ආර්ථික පසුබෑම සමග තවදුරටත් අවිනිශ්චිතතාව වැඩි කරනු ඇත.

Read More

ඉතාලියේ මිලාන් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය මෙතෙක් පිහිටා තිබු ස්ථානයෙන් ඉවත්වී නව ස්ථානයකට ගෙනයාම සමග ඇතිකරගත් බදු ගිවිසුම ශ්‍රී ලංකා රජයට විශාල මුල්‍යමය වාසියක් ලබා ගැනීමට හැකි වූ බව මිලාන් නුවර වැඩබලන ශ්‍රී ලංකා කොන්සල් ජනරල් ප්‍රභාශිනි පොන්නම්පෙරුම මහත්මිය පවසා සිටියාය.

Read More

කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල්වල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් රෝගීන් 700 කට අධික පිරිසක් නිවෙස්වලම සිටින බව බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේ හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා පැවසීය.

Read More

අවිස්සාවේල්ල රෝහලේ කොවිඩ් වට්ටුව සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයේ හිටපු කැඳවුම්කරුවෙක්ද වූ වර්තමානයේ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන නජිත් ඉන්දික මහතා පසුගියදා සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ සටහනක් දමා තිබුණා. මෙම සටහන සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවුණා. කෙසේ වෙතත් ඔහුගේ මෙම ෆේස්බුක් සටහන පිළිබඳව විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනක් පැමිණි බව නජිත් ඉන්දික මහතා පවසයි

Read More

ඔක්සිජන් හිඟයට පෙර රෝහල් කාර්ය මණ්ඩලයේ හිඟයක් ඇති විය හැකි බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසා සිටියි.

Read More

කොවිඩ් වසංගතය රට තුළ පැතිරුණේ සංචාරකයන්ට රට යළි විවෘත කිරිම නිසා බවට කරන ප්‍රකාශ පදනම් විරහිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති අතර නොර්ටන් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලමින් පවති.

Read More

කොවිඩ් සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සහ එහි සෙසු මධ්‍යස්ථානවලට ලැබෙන දෛනික රුධිර ඒකක ප්‍රමාණයද අඩු වෙමින් ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසා සිටියි.

Read More

වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය විසින් සැළසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15දා) දින පැවසීය.

Read More

පරිසරයට සිදු කරන හානි සහ මහජන පැමිණිලි විමර්ශනය කිරීම සදහා විශේෂ හදිසි කඩා පැනීමේ ඒකකයක් පිහිටුවීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

Read More

ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රී සිට නැවත දැනුම් දෙනතුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවන විවාහ උත්සව සඳහා අවසර නොලැබෙන බව රජය දැනුම් දෙයි.

Read More

හෙට (16) රාත්‍රී 9.00 සිට සතියක කාලයක් මරදගහමුල සියලු කඩසාප්පු වසා දැමීමට මරදගහමුල ව්‍යාපාරික සංගමය තීරණය කර තිබේ.

Read More

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට කැදවීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

Read More

රට වැසීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් එය සිදුකිරීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි. නීතියෙන් කරන දේට වඩා ස්වයං සංචරණ සීමා පනවා ගැනීමට මගින්ද මෙය පාලනය කර හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ​ය.

Read More

කොරෝනා රෝග තත්ත්වය අධික ලෙස පැතිර යාම සැලකිල්ලට ගනිමින් ගම්පහ නගරයට ජනතාව ඇදී ඒම වලක්වාලීම පිණිස ගම්පහ නගරයේ වෙළඳසල් සහ සියලුම ව්‍යාපාරික ස්ථාන හෙට (16දා) සිට සතියක කාලයක් වසා තැබෙන බව නාගරික එක්සත් වෙළඳ සංගමය සදහන් කරයි.

Read More

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින්ට ඒ සඳහා සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව කැඳවීමක් කර තිබෙනවා.

Read More

නිරෝධායන නීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 108 දෙනෙකු පසුගිය පැය 24 තුළ අත්අඩංගුව‌ට ගෙන තිබෙනවා.

Read More

විවිධ ආසාත්මිකතා ඇති පුද්ගලයින්ද කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.