saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6562 hours ago

LATEST

චීනය තුළ කොවිඩ් එන්නත් මාත්‍රා බිලියන 1.9ක් ලබාදීලා

calendar_today 2021 අගෝ 19 - 20:00 remove_red_eye - 169  

චීනය බදාදා දිනය වනවිට කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා බිලියන 1.9කට වඩා එරට ජනතාව වෙත ලබා දී ඇතැයි චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අද (19දා) නිවේදනය කළේය.

කොවිඩ් ව්‍යාප්තිය නිසා පසුගිය අඟහරුවාදා (17) මාධ්‍යම රාත්‍රීයේ සිට විවාහ උත්සව පැවැත්වීම තාවකාලිකව තහනම් කිරීමට රජය තීරණය කළේය.

Read More

ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වල නගර සිය වෙළඳ සංගම්වල තීරණ අනුව ස්වයංව සිය කඩ සාප්පු වසා දැමීමට කටයුතු කරමින් පවතී.

Read More

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සම්බන්ධ පළමු වැනි කොවිඩ්-19 ආසාදන සිද්ධිය වාර්තා වී තිබේ.

Read More

බන්ධනාගාර රැදවූවන් අවදානම් කලාපයක සිටින බැවින් ඔවුන්ට අමුත්තන් හමුවීම තාවකාලිකව නතර කර තිබෙනවා.

Read More

ඌව ශ්‍යාමවංශික නිකායේ කාරක සංඝ සභික හා බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංඝ නායක ,කෙහෙල්ඇල්ල ආනන්දාරාමය , හාලිඇල - බෝගහමඩිත්ත ජේතවනාරාමය යන විහාරස්ථානාධිපති වූ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ‍ගෝඩුන්නේ පියතිස්ස බදුල්ල හිමියෝ කොවිඩ් ආසාදිතව ,බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ දී අද (19) අපවත් වූහ.

Read More

මෙසේ ආසාදිත වූ සෙනෙට් සභිකයන් තිදෙනාම එන්නත් ලබාගෙන ඇති අය බවද කියයි. සුළු උණ තත්ත්වයක් හේතුවෙන් ඔවුන් පරීක්ෂා කිරීමේදී මෙසේ කොවිඩ්-19 ආසාදිත බව හඳුනාගෙන ඇත.

Read More

කොළඹ ජාතික රෝහලේ වාට්ටු ලිපිකාරිණියක ලෙස සේවය කරන මතුගම පදිංචි 53 හැවැරිදි දෙදරු මවක් එසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මාධ්‍යවේදි ප්‍රගිත් එක්නැලිගොඩ මහතා පැහැර ගෙන ගොස් අතුරුදහන් කළේ යැයි කියන සිද්ධියේ සම්බන්ධයෙන් චෝදනා කරමින් ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිළධාරි ෂම්මි කුමාරරත්න ඇතුළු යුද්ධ හමුදා බුද්ධි අංශ සමාජිකයින් නව දෙනෙකුට එරෙහි නඩුව සැප්තැම්බර් 17 වනදා විභාග කිරිමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළේය.

Read More

රුපියල් 1998ක වටිනාකමකින් යුතු සහන මල්ලක් හෙට දිනයේ සිට සති දෙකක කාලයක් ජනතාවට බෙදා හැරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධ මහතා පවසයි.

Read More

ගුරු විදුහල්පති වැටුප් ගැටලු විසදීම සඳහා ලබන සඳුදා වන විට වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ගුරු- විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා පිළිබඳ පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පවසා සිටියි.

Read More

කොවිඩ් දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රටවාසීහු මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බවත් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙසත් ඉල්ලමින් මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් විසින් ජනපති ගෝඨභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

Read More

අද දිනයෙත් පළාත් තුළ දුම්රිය ගමන්වාර 82 ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More

කෙන්යාවේ නයිරෝබිහිදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ (අවු. 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 800 කාන්තා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න අද (19දා) සමත් වූවාය.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමූපකාර සමිතිවල ඇති වී ගබඩා සියල්ල විවෘත කරමින් රුපියල් ලක්ෂ 2000 ක වී මිලදී ගැනීම ආරම්භ කෙරුණා.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් උද්ගතව තිබෙන අර්බුදකාරි අවස්ථාවේ පිළියමක් ලෙස රට වසන්නැයි සෞඛ්‍ය අංශ,වෛද්‍යවරුන් හා විද්වතුන් ඉල්ලිමක් කරන්නේනම් මේ අවස්ථාවේ රජය කළ යුත්තේ එම ඉල්ලිමට ඇහුම්කන් දෙමින් යම්කිසි කාලසිමාවකට හෝ රට වසාදැමිම බව ආදිවාසි නායක ඌරිවරිගේ වන්නියලැත්තේ පවසති.

Read More

වරායේ ගබඩා තුළ දැනට රඳවා තිබෙන ආහාර ද්‍රව්‍ය ඇතුළත් සියලුම බහාළුම්වල ඇති ආහාර තොග නිදහස් කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සමග කළ සාකච්ඡාවක දී අනාවරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

එළඹෙන සඳුදා දින සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ති​බේ. පාන් ගෙඩියක මිල - රුපියල් 05,අනෙකුත් බේකරි නිෂ්පාදන - රුපියල් 10කින්,කේක් කිලෝ එකක මිල - රුපියල් 100කින් ඉහළ දමා තිබේ.

Read More

පවතින කොවිඩ් අවධානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඌව පළාත තුළ වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More

මෑත ඉතිහාසය තුළත්, කොවිඩ් වසංගතය තුළත් මෙවැනි භයංකර අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ඇතිව නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර ති​බේ. සාප්පු සංකීර්ණ විවෘතව තබන බවත් වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයන් 25%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැක.

Read More

පාරිභෝගික භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් එළිදැක්වීම නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී සිදු කෙරුණි.

Read More

නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,000 සීමාවට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

Read More

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් අවම වශයෙන් රට සති තුනකට වසන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Read More

විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම අයෙකුම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව පී.සී.ආර්. පරීක්ෂණයට ලක්වීම අනිවාර්ය කර තිබේ.

Read More

කාත්තාන්කුඩි සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදනය ව්‍යාප්තවීම හේතුවෙන්කාත්තාන්කුඩිහි අද සිට නැවත දැනුම් දෙන තුරු ප්‍රදේශයේ පල්ලි 90 ක් වසා දැමීමට නියමිතයි

Read More

රජයට මුදල් අවශ්‍යතාවක් පවතින මේ මොහොතේ කලු ගඟේ කිරිඇල්ලේ නම්මුනියාවත්තේ ‘මැණික් නිධානයේ’ මැණික් ආදායමෙන් 50%ක් රජය ලැබෙන ආකාරයට නීති සකසා ඇති බව රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා පැවසුවේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 267 දෙනෙකු වන කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2050 දෙනෙකුත් හමුව ඇත.

Read More

මහ මඟ වැටී සිටියදී හමුවූ තරුණයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වූ අයකු බව සිතා කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන යාමෙන් පසුව සිහිය ලැබ රෝහලෙන් පලා යාමේ පුවතක් අද (19දා) වාර්තා විය.

Read More

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 71 වන ඇසල මහා පුණෝත්සවය හා පෙරහැර මංගල්ය්යට සමගාමීව පැවැත්වීමට සූදානම්කර තිබූ විශේෂාංග කිහිපයක් කල් දමා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.