saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5201 hours ago

LATEST

ඖෂධ හිඟය සහ ප්‍රවාහන අපහසුතා නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න

calendar_today 2022 ජුනි 27 - 14:19 remove_red_eye - 240  

රටේ පවත්නා ඖෂධ හිඟය සහ ඉන්ධන හිඟය නිසා මහජනතාව ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙරට භූමියේ අවශ්‍ය කැනීම් සිදුකර ගෑස් සහ බොරතෙල් ලබාගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කරන ලද මාර්ග සිතියමක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

Read More

පියවි ඇසින් නිරීක්ෂණය කල හැකි අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක පහකි. ඒවා නම් බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සහ සෙනසුරු ය. වසරේ එක් එක කාලයෙ දී මෙම ග්‍රහලෝක වෙන වෙනම රාත්‍රී අහසේ නිරීක්ෂණය කල හැකි අතර, මෙම දිනවල විශේෂයක් වන්නේ මෙම ග්‍රහලෝක 5ම එකම රේඛාවක එකවර අහසේ නිරීක්ෂණය කල හැකි වීමයි.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය පදනම් කරගෙන කෝප් කමිටුව විසින් තීරණ කිහිපයක් ගනු ලැබූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය.

Read More

බදුල්ල ලිට්‍රෝ ගෑස් නියෝජිත ආයතනයට ගෑස් එනතෙක් පාරිභෝගිකයින් දැනට දින විස්සක් තිස්සේ හිස් සිලින්ඩර් යකඩ වැටක පෝලිමට තබා දම්වැල්වලින් ගැටගසා තිබෙන අයුරු දක්නට ලැබේ.

Read More

හමබන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට බදු දීමෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක මුදල චීන එක්සිම් බැංකුව ලබාදුන් සහනදායි ණය ගෙවීම වෙනුවෙනට ඉහළ පොලී අනුපාත යටතේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශීය ණය (විශේෂයෙන්ම ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර) ගෙවීමට යොදාගෙන ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. මේ හරහා චීනය විසින් ශ්‍රී ලංකාව බටහිර ණය උගුලකින් බේරාගෙන ඇති බවද චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට භූමිතෙල් රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

Read More

තමිල්නාඩුවේ පොන්ඩිචේරි, කාරෙක්කාල් වරායන්වල සිට කන්කසන්තුරේ වරාය දක්වා භාණ්ඩ නැව් සේවාවක් ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාදී ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ප්‍රකාශ කරයි.

Read More

ඉන්ධන මිල ඉහල දැමීමට සමගාමිව ප්‍රවාහන ගාස්තුව සියයට විස්සත් තිහත් අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට තමන්ට අනිවාර්යයෙන්ම සිදුවෙන බවත් වැඩිවන ප්‍රතිශතය නිශ්චිතවම ජුලි මස පළමු වැනිදා අනිවාර්යයෙන්ම ප්‍රකාශයට පත්කරන බවත් සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා අද (27දා) අම්බලන්ගොඩ සිය සංගම් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය .

Read More

ඇමරිකාව ශ්‍රීලංකාවට එරෙහිව දමා ඇති නඩුව ජපානයට එල්ලකල පරමානු බෝම්බය හා සමාන බවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී පැවසීය.

Read More

පවතින දැඩි ඉන්ධන හිගය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමනයට විසඳුමක් වශයෙන් යාපනය දිස්ත්‍රීක්කයේ අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

Read More

පසුගිය මැයි මස 9 වෙනි දින ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී ගම්පහ , උඩුගම්පොල පිහිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතපොල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නැදලගමුවේ ධමමජින්න නාහිමි අද (27දා) උදෑසන බාරවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.

Read More

කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා සොයාගත් වඩාත්ම වේගයෙන් ව්‍යාප්ත වන මෙන්ම ප්‍රතිශක්තිය මග හැරිය හැක දරුණු කොවිඩ් ප්‍ර ‌භේදයක් සොයාගෙන ඇතැයි ශ්‍රීජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ BA5 ලෙසින් හඳුන්වන මෙම ප්‍ර භේදය මේ දක්වා රටවල් 63 කින් හඳුනාගෙන ඇතත් ශ්‍රී ලංකාවෙන් තවමත් වාර්තා වී නොමැති බවයි.

Read More

අවුරුදු 5ට අඩු ළමයින් සිටිනා මව්වරුන්ට විදේශ රැකියා සදහා පිටත්ව යෑමේ බාධාව ඉවත් කිරීමට මෙවර කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමුකර ඇති බව හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

Read More

ඉන්ධන හල් ඉදිරිපිට තෙල් පෝලිම් වල දින ගණනාවක් නිදිවර්ජිතව සිටින අයට උත්තේජකයක් ලෙස ලබාදීමට ප්‍රධාන පෙලේ මත ද්‍රව්‍ය තුනක් ගමන් මල්ලක බහා රැගෙන යමින් සිටි අයෙකු ඊයේ (26දා) රාත්‍රියේදී ගොනපිනුවලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවටගත් බව බටපොළ පොලිසිය කියයි

Read More

මොනරාගල පොලිස් කොට්ඨාසය තුළ පදිංචි සිව්දෙනෙකු ඉකුත් 26 වෙනිදායින් අවසන්වූ සතියක් තුළ සියදිවි හානි කරගෙන මියගොස් ඇතැයි මොනරාගල රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More

සියවසකට වැඩි කාලයකට පසු පළමු වතාවට රුසියාවට සිය විදේශ ණය පැහැර හැරීමට සිදුව තිබේ. රුසියාවට ඩොලර් මිලියන 100 ක ණයක් ගෙවීමට මුදල් තිබුණත් රුසියාවට ඒරෙහිව පනවා ඇති සම්බාධක නිසා ඔවුන්ට ජාත්‍යන්තර ණය හිමියන්ට ගෙවීම් කිරීමට නොහැකිවීමෙන් මෙසේ වසර 100කට පසුව රුසියාව ණය ගෙවීම් පැහර හැරි රටක් බවට පත්ව තිබේ.

Read More

බහාලුම් ප්‍රවාහන රථ ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා ඒක්සත් බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10කින් ඉහළ නැංවීමට නියමිතය. ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව මෙසේ බහාලුම් ප්‍රවාහන ගාස්තුද ඉහළ නංවා තිබේ.

Read More

නිව්යෝක් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ හිටපු සභාපති බිල් ඩඩ්ලි, මෑත බ්ලූම්බර්ග් මත ප්‍රකාශයක කියා සිටියේ ඉදිරි මාස 12 සිට 18 දක්වා කාලය තුළ ඇමෙරිකාවේ ආර්ථික අවපාතයක් ’’නොවැළැක්විය හැකි’’ බවයි.

Read More

කොටගල, කොමර්ෂල් ප්‍රදේශයේ වෙළෙඳසැලක සගවාගෙන සිටි ඩීසල් ලීටර් 1000 ක් ඊයේ (26දා) සවස සොයා ගැනීමට හැකි වු බව දිඹුල- පතන පොලීසිය පවසයි.

Read More

රුසියානු ජනාධිපතිවරයා ලබන සතියේ මධ්‍යම ආසියාවට යාමට නියමිතව සිටින බව ක්‍රෙම්ලීනය නිවේදනය කරයි.

Read More

බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් 2022 ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය තුල පසුගිය සතියේ මෙන් පාසල් නොපැවැත්වීමට තීරණය කරන ලදී.

Read More

’’අපි හිතන්නේ නේටෝව කම්කරු පන්තියට උදව් නොකරන සාපරාධී සංවිධානයක්’’ යැයි විරෝධතා සංවිධායක ජේවියර් මාර්ටොරෙල් පැවසීය.

Read More

කැලණිය පට්ටිය හංදිය ප්‍රදේශයේදී අද (26දා) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් කාන්තාවක් හා අවුරුදු දෙකක කුඩා දරුවෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 31 ක් වන වේයන්ගොඩ පදිංචිකරුවෙකි.

Read More

සංවර්ධනය වෙමින් පවතින රටවල ගෑස් යටිතල පහසුකම් සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය බව ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි පවසයි.

Read More

ශ්‍රී ලංකාව විදේශ ණය සහ පොලී ආපසු ගෙවීම අත්විටුවීමේ තීරණය ගැන හිටපු අධිපති නිවාඩ් කබ්රාල් මහතා විමතිය පළ කරයි.

Read More

ගාල්ල ඉහළ ලෙල්වල විවිධ සේවා සමුපකාර ඡන්දයෙන් සමගි ජන බලවේගවට විශිෂ්ඨ ජයක් හිමිවි ඇත. ඉහළ ලේල්වල විවිධ සේවා සමුපකාර සමිතියේ ඉදිරි තෙවර්ෂය සඳහා අධයක්ෂක මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම සඳහා මෙම ඡන්දය අද (26දා) එම සමුපකාර ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.

Read More

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ආයතනය පවසන්නේ වෛරසය තවමත් කොවිඩ්-19 සහ පෝලියෝ වැනි ‘ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්’ නොවන බවයි.

Read More

ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු. 68.61ක ලාභයක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු. 15.57ක්, සුපර් ඩීසල් වලින් රු. 20.27 ක් ලාභ ලබයි. කෙසේ වෙතත්, තෙල් සංස්ථාවට ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 8.52ක් සහ භූමිතෙල් ලීටරයක් ​​රුපියල් 334 ක් ලෙස අලාභ ලබයි.

Read More

නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වාත් කොළඹ සිට නානුඔය දක්වා දිනපතා ධාවනය වන 1023 සහ 1024 යන දුම්රියන් ජුලි (01) දින සිට ධාවනයෙන් ඉවත් කිරිමට දුම්රිය පාලන අධිකාරිය කටයුතු කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.