saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 3861 hours ago

LATEST

යාපනයේ වෛද්‍යවරයෙකුට ජීවිත තර්ජනයක්

calendar_today 2023 අප්‍රේ 26 - 12:58 remove_red_eye - 311  

යාපනය පූතූර් මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍ය සේවයේ නිරත වෛද්‍යවරයෙකුට එල්ල වූ ජීවිත තර්ජනයක් හේතුවෙන් එම බෙහෙත් ශාලාවේ දෛනික ප්‍රතිකාර කටයුතු නවතා දැමීමට ඊයේ (25) දින සිට පියවර ගෙන ඇත.

රුපියල් විස්සක් වූ විට කිලෝවක මිල වට්ටක්කා ග්‍රෑම් 250 රු.5 ක් වැනි ඉතා කුඩා මිල පවතින බවද පෙන්වා දෙන ගොවීන් ආර්ථික සංවර්ධනය පිළිබඳව කතා කරන යුගයක මෙතරම් එළවළු පලතුරු පරිහානියට ලක් වන්නේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරති.

Read More

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර තරගයක් වසර පහක පමණ කාලයක සිට පවත්වා නැතැයි දඹුලු ක්‍රීඩාලෝලී හූ පවසති.

Read More

අද සවස 2න් පසුව දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැම්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක් අඩංගු මුදල් බන්ඩලය අතුරුදන්වීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Read More

පසුගිය වසරේ මාතලේ දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් ආසාදිතයින් 85ක් වාර්තා වි ඇති බව ඉකුත්දා පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි අනාවරණය විය.

Read More

උප්පැන්න සහතිකයක් නොමැති වීමේ හේතුව මත මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයන් සඳහා ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ක්‍රම වේදයක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී තිබේ.

Read More

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා දුම්රිය ස්ථාන ආශ්‍රිතව පාපැදි කුලී පදනම මත ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිළිබදව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදි අවධානය යොමුවිය. මෙම කාරක සභාව ඊයේ (25) පාර්ලිමේන්තුවේදි රැස්විය.

Read More

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට ඊයේ සවස හදිසියේම ඇති වූ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානා තුනක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි .

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

වෘත්තිකයන්ගෙන් අයකරන බදු පිළිබඳව ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් කිරීමෙන් පසුලැබෙන තීරණ මත දැනට ක්‍රියාත්මක වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කරන බව විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.

Read More

මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගය නොපවත්වා එම සිසුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශය අනුව උසස් පෙළ කිරීමට ලබාදෙන ලෙස යෝජනාවක් ඉදිරිපත් කරන බව ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Read More

බත්තරමුල්ල නගරයට බස් පර්යන්තයක් ඉදිකිරීම සදහා බත්තරමුල්ල කඩුවෙල මාර්ගයට ආසන්නයෙන් හදුනාගෙන ඇති ඉඩම කඩිනමින් නිදහස් කරදෙන ලෙස බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා අද (25) අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

Read More

මෙරට අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රමාණය 383 ක් වන අතර, ජිවිත ආරක්ෂක ඖෂධ ප්‍රමාණය 14 කි. එම ජිවිතාරක්ෂක ඖෂධ ප්‍රමාණය කිසිදු අඩුවකින් තොරව අඛණ්ඩව රට තුළ පැවැති බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට එම ඖෂධ සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇතැයි ද කීය.

Read More

තම බිරිඳගේ ඇඳුම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක්, ආරවුලක් දක්වා දිව දුරදිග ගොස් සිත් තැවුලට පත්ව සියදිවි හානි කරගත් සිවිල් ආරක්ෂක සෙබළකු ගේ සිරුරක් ඊයේ ( 24දා) සොයා ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.

Read More

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා අද (25දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

Read More

24 වන දා උදේ 9 30ට පමණ ගාල්ල රත්ගම ප්‍රදේශයේ සිට සිතුල්පව්ව විහාරස්ථානය වැද පුදා ගැනීමට කතරගම දෙස සිට ගිය බස් රථයකට දළ ඇතෙකු පහර දී බස් රථයේ තිබු බැතිමතුන්ගේ සියලුම ආහාර පැහැරගැනීමේ සිද්ධියක් වාර්තා වේ

Read More

මැයි මස පළමුවැනිදා සිට රුපියල් මිලියන 200කට වැඩි වටිනාකමක් සහිත ප්‍රසම්පාදන කටයුතු විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා පමණක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ තඹරව ප්‍රදේශයේ ගල් ගුහාවක් තුළ වයස මාස තුනක පමණ කොටි පැටවුන් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට තොරතුරු වාර්තාවේ.

Read More

අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් ඉහළ දැමූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි ගැනීම හරහා ශ්‍රී ලංකාවට ලැබුණ මූලික වන්දි මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන පහක මුදලක් ලංකාවේ සමාගමක ගිණුමකට ලැබී තිබුණත් එම මුදල යලිත් පිටරටට ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

Read More

හරිත පක්ෂයක් ලෙස එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය ගැන පැහැදිලි මතයක් දරන බවත් මේ සිදුවීම් සිදුවී දින කිහිපයක් ඇතුළත එවක ජනාධිපතිවරයාට ලිපියක් මඟින් අපක්ෂපාතී විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස දන්වා සිටි බවත් ඉන් පසුත් අවස්ථා ගණනාවක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශය සහ පුවත්පත් නිවේදන නිකුත් කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

Read More

නිව් ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව හා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හරහා ශ්‍රී ලංකාවට වන්දි ලබාගැනීම වෙනුවෙන් නඩු පැවැරීම වැළැක්වීම වෙනුවෙන් චාමර ගුණසේකර නැමැති පුද්ගලයෙකුගේ ගිණුමට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක පමණ මුදලක් අල්ලස් වශයෙන් බැරවී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More

නීතිඥවරයෙකුගේ නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයාට වසදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක් කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක 5 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් දමින්ද රාමනායක මහතා නියෝග කළේය.

Read More

චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස පිරිනැමුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ අට මහල් නව බාහිර රෝගී සංකීර්ණය අද (25) චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දුණි.

Read More

ලොව විවිධ රටවල් පොළොව අභ්‍යන්තරයේ සිදුකරන න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ මහා පරිමාණ පිපිරවීම් පොළොව අභ්‍යන්තරයේ ඇති භූ තැටි වලට බලපෑම් එල්ල කළ හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති සහ භූගර්භ විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .

Read More

මුලතිව් සිට යාපනය දක්වා ධාවනය වූ ලං ග ම බස් රථයකට අද (25) උදෑසන කාලයේදී මුලතිව් සෙල්වපුරම් ප්‍රදේශයේදී එල්ල වූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් බස් රථයේ රියදුරු තුවාල ලබා ඇතැයි මුලතිව් පොලීසිය පැවසීය.

Read More

හපුතලේ ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ පැවැති අකුණු ගැසීම හේතුවෙන් කම්පනයට පත් වූ දඹේතැන්න මහකන්ද ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙකු ඊයේ 24 රාත්‍රී හපුතලේ පංකැටිය දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

Read More

ලංකාවේ ස්ථාවරත්වය හා පාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ප්‍රතිපත්තිමය පදනම් කරගත් ණය මුදලක් හා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක තාක්ෂණික සහාය ආධර මුදලක් ලබා ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

Read More

මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. තැන්පතු ආරක්ෂණ ජාලය වෙනුවෙන් මෙම අරමුදල් යොදා ගැනීමට අපේක්ෂා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.