saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 3594 hours ago

LATEST

ඊශ්‍රායලයේ රැකියා පෙන්වා මුදල් ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

calendar_today 2023 ජුනි 25 - 17:29 remove_red_eye - 144  

ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර පොලිසිය ඉදිරි පිට මාර්ගයේ පා ගමනින් ගමන් කළ කාන්තාවක් නවතා රුපියල් 5000ක් පෙන්වා ලිංගික ක්‍රියාවක් සඳහා ආරාධනා කළ චීවරධාරියෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

අන්තර්ජාලය හරහා තරුණියන් සමග මිතුරු වී නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව බිය වද්දා මුදල් ලබා ගැනීමේ නිරත වූ 26 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාස මූලස්ථානය සඳහන් කරයි.

Read More

දේශිය වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් නොමැති විම හේතුවෙන් එළවළු තොග සහ සිල්ලර මිල සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙලෙදුන් පැවසිය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට සමත්විය‍. එක්දින ලෝක කුසාලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී දිමුත් මෙම ශතකය වාර්තා කළේය.

Read More

අද (25දා) හා හෙට (26දා) දිනවලදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තරුණියක ලෙස මුහුණු පොතේ පෙනී සිටිමින් වයස අවුරුදු 14 බාල වයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අතවර කළ බව කියන 24 හැවිරිදි පුද්ගලයා පිරිවෙනක ඉගෙනුම ලබා ඇති අතර එහිදී කලක් ලිංගික හිරිහැරවලට ලක්වූ අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුතු, මත් පෙති හාරලක්ෂ 23,000 ක් ,ප්‍රවාහනය කරමින් තිබූ ඩොල්පින් වර්ගයේ වෑන් රියක්,සැකකරුවෙකු ද සමගින් නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් කරඹ පොලිස් මුර පොළේ දී 25 දින අලුයම නොරොච්චෝල පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බව නොරොච්චෝල පොලිසිය පවසයි.

Read More

පොලිස් භාරයට ගනු ලබන නීති විරෝධී ගින අවි හා අත්බෝම්බ සම්බන්ධයෙන් තෑගි මුදල් ලබාදෙන බව පොලිසය කියයි. ඒ අනුව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මෙන්ම ඒ පිළිබඳව ඔත්තු ලබාදෙන පුද්ගලයන්ට මෙම තෑගි මුදල් ගෙවන බව පොලීසිය පවසයි.

Read More

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සේවය කල වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සමග එක්වෙයි.

Read More

බස් රථවල ගමන් කරන කාන්තාවන් සමග සුහද වී මත්වීමට මත් පෙත් ලබාදී කාන්තාවන් සතු රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

ගාලු පාරේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ඉදිරිපිටදී ඊයේ(24)රෑ සිදුවූ වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථ රියදුරෙක් මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

අවිස්සාවේල්ල නගර සභාවේ වැඩ බලන ලේකම්වරයා සහ ආදායම් පරීක්ෂකවරයා රුපියල් ලක්ෂ 4 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා පැවසීය.

Read More

මෙහිදී අනාවර්ණය වූයේ ඇතැම් ටැබ් පරිගණක වගකීම් කාලය අවසන් වන තුරුද බෙදා දී නොමැති බවයි. එසේම වර්තමානය වන විට බෙදාහරින ලද ටැබ් පරිගණක වලින් වැඩි ප්‍රමාණයක් නිෂ්කාර්යව පවතින බවත් එසේම යම් ප්‍රමාණයක් අස්ථාන ගතව පවතින බවත් මෙහිදී අනාවරණය විය. තවද මෙම ටැබ් පරිගණක සාදාරණ ආකාරයෙන් බෙදාහැර නොමැති බවද මෙහිදී හෙලි විය.

Read More

හඳුනාගත් රාජකාරියක් නොමැතිව ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ කාර්යාලයට අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කාර්යාල සහායකයෙකු පත්කොට වසර 13ක් වෙනුවෙන් රු. 60,639,544 ගෙවීම් කර ඇතැයි හෙළිවිය.

Read More

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් පිරිසක් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23දා) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.

Read More

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදු මුදල් අයකරගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

බටපොළ බරදූව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළදී ඊයේ (23) රෑ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගිය අයෙකුට එල්ල කරන ලද කඩු පහරින් ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු අද (24දා) අලුයම් කාලයේදී මිය ගිය බව බටපොල පොලීසිය කියයි.

Read More

පෙරිය කාතන්කුඩියේ රෝපණය කරන ලද ගස්වල සෘතුමය රටඉඳි අස්වනු නෙළීම නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා අතින් මෙවර උත්සවාකාරයෙන් සිදුවිය.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සහ ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා අදාළ ආයතනවලින් සාක්ෂි ලබා ගැනීමට ‘ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී’ පසුගියදා තීරණය විය.

Read More

ඩුබායි රාජ්‍යයේ රැකියා දෙන බව පවසා රුපියල් කෝටි දෙකක මුදලක් මහියංගනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් රවටා වංචා කළ , බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස රැකියා ඒජන්සියක් පවත්වා ගෙන ගිය කාන්තාවක් , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් කණ්ඩායමක් විසින් 06/23 දින කොළඹ මරදාන ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ඇඹිලිපිටිය වැලිකඩයාය 99 හන්දිය ප්‍රදේශයේදී අද (24) අලුයම විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධකරුවකු මියගොස් ඇත.

Read More

ඌරගස්මන්හංදිය කලුවලගොඩ ප්‍රදේශයේ අද (23) පස්වරුවේදී පොලීසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඌරගස්මන්හංදිය පොලීසිය කියයි.

Read More

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවැති තරයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

අහුලාගත් හැඳුනුම්පතක් ඉදිරිපත්කොට සිම් පතක් මිළදී ගෙන ඒ හරහා හෝමාගම මහා කටුවාන ප්‍රදේශයේ දී ඉකුත් 21 දා රාත්‍රි සිදු වූ ඝාතනය සැළසුම් කොට ඇතැයි විමර්ශන කණ්ඩායම් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලීසිය පවසයි .

Read More

අලුත්ගම ඓතිහාසික කන්ද විහාරයේ භාරකාරත්වයටපත් මුතු රාජා පාදයේ ආබාධයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා තායිලන්තයට රැගෙන යාමට පෙර කන්දේ විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන් ඇතුළු සාමණේර හිමිවරුන් එම හස්තියාගේ සුවදුක් විමසා පලතුරු ඇතුළු ආහාර වර්ග වලින් සංග්‍රහකිරිම සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සිදු කළහ.

Read More

රජයේ විශ්වවිද්‍යාලයන්ට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන ආකාරයට දරුවන්ට පහසුකම සලසා දීම ඉතා වැදගත් බවත්, තමන් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී එම අවස්ථාවන වැඩි කිරීමට පියවර ගත් බවත්, ඒ සම්බන්ධයෙන් වන ණය ක්‍රමයේ දැනට මතුව ඇති මුල්‍ය ගැටළු විසඳීමට රජය කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More

දින තුනක් පුරා අඛණ්ඩව පැවැති කොට්ටාව බොරැල්ල (174) හා කොට්ටාව , ගල්කිස්ස (255) පෞද්ගලික බස්රථ වර්ජනය අවසන් කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය .

Read More

මෙම මස 30 වැනි දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කරයි. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

නවය වසරේ සිසුවෙකුට කන පැලෙන්න පහරදුන්නේ යයි කියන අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ කීඩාභාර ආචාර්යවරයෙකු ඊයේ (22) රෑ වතුගෙදර දෙල්ගහහන්දිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.