saravita-anim2

2025 ජුලි මස 07 වන සඳුදා

2025 ජුලි මස 07 වන සඳුදා

Latest News - timelapse 3322 hours ago

LATEST

නොර්වුඩ් පොලසියේ ජිප් රථය ප්‍රපාතයකට පෙරලෙයි

calendar_today 2023 ජුනි 07 - 11:41 remove_red_eye - 245  

නෝර්වුඩ් පොලිසියේ රාත්‍රි මුර සංචාරය සදහා යොදවා තිබු ජිප් රථය ඊයේ (06දා) රාත්‍රියේ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ජිප් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පළාත් පාලන ආයතන සතු සියළුම මාර්ග පද්ධතීන් GIS තාක්ෂණය ඔස්සේ සිතියම් ගත කිරීමට පියවර ගෙන ඇත.

Read More

දැනටමත් SLS සහතිකය නොමැතිව ආහාර වර්ග 07 ක් ශ්‍රී ලංකාවේ අලෙවි කල නොහැකි බවද ඇය පෙන්වා දෙයි .මේ අතර මීට වසරකට පමණ පෙර රා සඳහා ප්‍රමිති සකස් කර දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව තම ආයතනයෙන් ඉල්ලා සිටි බවද තිළිණි කළුගලගේ මෙනෙවිය ප්‍රකාශ කලාය.

Read More

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කොල්ලුපිටිය රැජින පාර ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

පාසල් පද්ධතිය තුළ පෙර පාසලේ සිට ම විනය හැදීමේ පරිවර්තනීය අවශ්‍යතාවක් පවතින අතර අධ්‍යාපන අමාත්‍යාංශය එහි පුරෝගාමී මෙහෙවරක් සිදු කරමින් පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

තිරිඟු පිටි මිලට සිර වී සිටින බේකරි හිමියන්ට ගෑස් මිල අඩු වූවත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

Read More

වෙළදපොල තුල කුකුල් මස් අලෙවි කිරිමෙදි මිල විකෘතියක් ඇති වි තිබෙන බවත් මේ නිසා කුකුල් මස් සිල්ලරට අලෙවි කිරිමට අදාලව පාලන මිලක් ඇති කල යුතු බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි

Read More

මුලතිව්හි ඓතිහාසික වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික දේව මංගල්‍ය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ සිට අද (06) අලුයම් කලය දක්වා උත්සාවාකාරයෙන් පැවත්වුණි.

Read More

2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට කිලිනොච්චිය අධිකරණයෙන් විදෙස්ගමන් තහනමක් පනවා ඇති අතරම මරදන්කේනි පොලීසියේ පෙනී සිටින ලෙසට තමන්ට දැනුම් දී ඇතැයි ඒ මහතා පවසා සිටියි.

Read More

මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් හට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඇමතුමක් ලබා ගත් පුද්ගලයෙකු, විහාරාධිපති හිමියන්ගෙ වීඩියෝ පටයක් තමා සතුව ඇති බවත් එය මුහුණු පොතේ පළ කර නොකර සිටීමට නම් රුපියල් ලක්ෂ 100ක මුදලක් කප්පම් ලෙස ලබා දෙන ලෙස පැවසූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව මිහින්තලේ පොලිසිය පවසයි.

Read More

එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් එසේම මේ වනවිට ක්‍රියාත්මක සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය එළඹෙන ජනවාරි 01 වැනිදා සිට අහෝසි කිරීමටත් රජය තීරණය කර තිබේ.

Read More

ගම්පොල ප්‍රදේශයට බලපෑසුළු භූ කම්පනතත්වය හේතුවෙන්කොත්මලේ ජලාශය ඇතුළු අනෙකුත් කඳුකරයේ ජලාශ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

Read More

ඩුබායි සිට කොළඹ වරායට ගෙනැවිත් තිබූ බහාලුමක් තුළ ’’පාවිච්චි කරන ලද මෝටර් රථ අමතර කොටස්’’ ලෙස රේගුවට ප්‍රකාශ කරමින් රුපියල් කෝටි 35 ක් වටිනා නීතිවිරෝධී ලෙස ගෙනැවිත් තිබූ භාණ්ඩ තොගයක් ඔරුගොඩවත්ත ග්‍රේ ලයින් රේගු අංගනයේ දී ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ ජංගම ශාඛාවේ රේගු නිලධාරීන් පිරිසක් විසින් 06/06 දින අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .

Read More

විවිධ රැකියා ක්ෂේත්‍රයන් හි නිරත පුද්ගලයන්ට තවදුරටත් සිය උසස් අධ්‍යාපනය හැදැරීමේ අවස්ථාව ලබා දීමේ අරමුණින් ආරම්භ වූ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, අනෙකුත් විශ්වවිද්‍යාල මෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ නියාමනය නොවීම නිසා රැකියා වෙළෙඳපොළේ දී දැඩි අර්බුධ රැසකට එහි ඉගෙන ලබන විද්‍යාර්ථයින් සහ උපාධිධාරීන් මුහුණ දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

ජංගම දුරකථන මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචිය සහිත ජංගම දුරකථන මිලදීගන්න - ශ්‍රී ලංකා පොලීසිය

Read More

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පතේ ප්‍රගතිය අදාළ පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සමාලෝචනය විය.

Read More

ශ්‍රී ලංකා සමුපාකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපති දර්ශන ලලිත් සමරවික්‍රම මහතා ඉලක්ක කොට ඉකුත් (05) දා සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් තිදෙනෙකු කෙරෙහි මූලික විමර්ශන ආරම්භ කර ඇතැයි පරීක්ෂක පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

Read More

ඩොලරයේ අගය පහත වැටිමත් සමග උඩරට සහ පහතරට නිමි තේ කිලෝවක මිල විශාල ලෙස පහත වැටිම නිසා තේ වතු සමාගම් පාඩු ලබන තත්ත්වයකට පත් වි ඇති බව වතු අධිකාරිවරුන් පැවසිය.

Read More

හික්කඩුව පොලිස් ස්ථානය තුළදී කලහකාරී ලෙස හැසිරුණි දහනව දෙනෙක් ඔවුන් ළහ තිබී කඩුවක් හා කිණිස්සක් සමග ඊයේ (5) පස්වරුවේදී සැකපිට් පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.

Read More

‍‍ඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.

Read More

ගොයමෙහි පෝෂණය ඌණතා ඇති විය හැකි බැවින් මේ වනවිට බන්ඩි පොහොර යෙදිය යුතු මට්‌ටමේ පවතින ගොයමට බන්ඩි පොහොර හෙවත් MOP පොහොර නියමිත පරිදි යෙදීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලුම ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Read More

කෝවිඩ් සමයේ සත්වෝද්‍යාන කුරුලු උයනේ සිටි නිල්කහ මැකෝ ගිරවුන් බිත්තර දැමීමෙන් බිහිවූ පැටවුන් 70 කට අධික ප්‍රමාණයක් කුරුලු උයනට මුදාහැරීමට කටයුතු කරනු ලැබිණැයි සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය පැවසුවාය.

Read More

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සුරකිමු ගංගා වැඩසටහනේ අරමුණුවලට පටහැනිව එහි ප්‍රතිපාදන රුපියල් විසිලක්ෂ,තිස්දහසක මුදලක් (2,030,000) වැයකොට ඉලෙක්ට්‍රික් කාර් රථයක් (electric cart) මිලදි ගැනිමට කටයුතුකර ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

එමෙන්ම මුලික වැටුප සියයට 200 ඉක්මවා අතිකාල දිමනා ලබාගෙන ඇති සේවකයින් සංඛ්‍යාව 16 දෙනෙකි. එම සේවකයින් 16 දෙනාද ඇතුළුව සේවකයින් 391 දෙනෙකු හෙවත් සමස්ත සේවකයින්ගෙන් සියයට 17කගේ අතිකාල ඔවුන්ගේ මුලික වැටුපෙන් සියයට සියයට ඉක්මවා තිබු බවද ජාතික විගණන කාර්යාලය මගින් අනාවරණය කොට ඇත.

Read More

ඇද විට්ටමක් පෙරළී එයට යටවිමෙන් තුන් හැවිරිදි දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.

Read More

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොළඹ මහනගර සභාව විසින් පාලනය කරනු ලබන මාතෘ රෝහල් 05 සැලකීමේදී ඉන් රෝහල් තුනක් තුළ ගෙවීගිය වසර 05ක කාලය තුළදී දරු උපතක් සිදු වී නොමැති බව වාර්තා වේ.

Read More

දැනට මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව යොදා ඇති මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය හෙට (06) විවෘත කිරීමට බලධාරීන් පියවර නොගතහොත් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව එම කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනි කුමුදුනි විතාන මහත්මිය පවසයි.

Read More

කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙස, ඉදිකරමින් පවතින නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් වැටී චීන ජාතිකයෙකු මියගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.