saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3103 hours ago

LATEST

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කරයි

calendar_today 2023 ඔක් 15 - 15:42 remove_red_eye - 331  

පවතින වැසිසහිත කාලගුණික තත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 04 ක් අඩි 03 බැගින් විවෘත කර ඇති අතර තප්පරයට ගණ අඩි 8400 බැගින් ජලය නිකුත් කෙරේ. දැදුරු ඔය දියනෑම ඇතුලු දෛනික කටටුතු සිදුකරන දැදුරු ඔය නිම්නයේ ජනතාව මේ පිළිබද සැලකිලිමක් වන ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ. මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුත

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියදී හදිස්සි අනතුරකට ලක්වූ සිසුවකුට පොලිස් නිලධාරියෙකුගේ ක්ෂණික මැදිහත්වීම මත යළි විභාගයට පෙනී සිටීමට හැකි වීමේ පුවතක් බොරලැස්ගමුවෙන් වාර්තා වේ.

Read More

දෙඹර කූඩුවක් ඇවිස්සීී දෙඔරුන් දෂ්ඨ කිරීමෙන් රෝහල් ගත කල සත් දෙනෙකුගෙන් එක් අයෙකු මරණයට පත්ව,කාන්තාවක් නිකවැරටිය රෝහල් දැඩි සත්කාරයට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අද (15) හාලිඇල දීගල්ල ගම්මානයේ සිට පැමිණි සිසුන් ට බස්රථ නොමැති වීමෙන් සිසුන් මෙන්ම දෙමව්පියන් ද දැඩි අපහසුතාවට පත්ව සිටියහ . දීගල්ල උඩගම සිට උදෑසන 5.55ට සහ උදෑසන 6.30 බදුල්ල බලා ශ්‍රී ලංගම බස්‍ රථ දෙකක් ගමන් ආරම්භ කලද,5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවති අද (15) දිනයේ ඉන් එකදු බස්රථය ක් හෝ ධාවනය නොවු බවද දීගල්ල උඩගම ගම්වාසීන් කීහ .

Read More

සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් පහක විදේශිකයින් වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා නිකුත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි සංචාරක අමාත්‍යංශය පැවසීය. ඒ අනුව චීන,රුසියා,ඉන්දියා,තායිලන්ත ඉන්දුනීසියාව යන රටවල් වලින් පැමිණෙන සංචාරකයින් සඳහා නිදහස් වීසා අවස්ථාව හිමිවනු ඇත.

Read More

නැගෙනහිර පළාතේ පාසල් වල තමන් උගන්වන විෂය එම පාසලේ සිසුන්ට පාසල් වේලාවෙන් බැහැරව හා සති අන්ත දිනවල මුදල් අයකර උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරිම සම්පූර්ණයෙන් තහනම් කරමින් පළාත් අධ්‍යාපන ලේකම්වරයා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

Read More

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් අද (15දා) පෙරවරුවේ විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

Read More

අන්තර් ජාලය ඔස්සේ ජංගම දුරකතනයෙන් වීඩියෝ ගේම්වලට ඇබ්බැහිවූ දහතුන් හැවිරිදි සිය භාරකාරීත්වයේ සිට්න පිරිමි දරුවා එයින් මුදවා දෙන්නයි ඉල්ලමින් මවක් දැමූ පැමිණිල්ලකට අනුව සිකුරාදා (13) පස්වරුවේදී බෙන්තොට පොලීසිය විසින් බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළේය.

Read More

කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (14දා) පස්වරුවේ සිරුරට ගිනි තියා ගැනීමෙන් තුවාල ලැබූ හිටපු යුද හමුදා සෙබලෙකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

ආබාධයකට ලක්ව ඇති ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට ලෝක කුසලානය අහිමි වී තිබේ. ඒ අනුව ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබේ පාකිස්තානය හා පැවැති තරගයේදී මස්පිඩු ආබාධයකට ලක්ව ඇති දසුන්ට සති තුනක පමණ කාලයක් එයින් සුව වීම වෙනුවෙන් වැය වෙනු ඇතැයි වාර්තා වෙයි.

Read More

දූෂණය වංචාව ඉහවහ ගිය රටේ රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බෙහෙත් හේත් පවා නොමැති බවත් බංකොලොත් මේ රටේ බෙහෙත් හේත්වලින් පවා හොරා කන අන්ත දුෂිත තත්ත්වයක් මතුව ඇති බවත් වත්මන් රජය හොර පාරෙන් හොර ක්‍රමවේදයකින් හොර සමාගමක් හරහා හොර පිළිකා බෙහෙතක් ගෙන්වා ඇති බවත් මේ බෙහෙත නිසා සුවවිය හැකි පිළිකා රෝගීන් පවා අනිවාර්යෙන් මිය යන බවත් මෙවැනි සාපරාධි ක්‍රියා සිදු කරමින් මුදල් හම්බකරන බඩගෝස්තරවාදී දේශපාලනය අප රටින් තුරන් වීමට ඩිජිටල්කරණය අත්‍යාවශ

Read More

ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Read More

නව පොලිස්පතිවරයෙක් පත්කිරීමෙ අර්බුදය තවදුරටත් දිග් ගැස්සෙමින් පවතින බව රජයෙ අභ්‍යන්තර වාර්තා සඳහන් කරයි.

Read More

රටේ ජනතාවට අලුතින් බදු පැනවිය නොහැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

Read More

ළාබාල තරුණියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ ආයතනයක් මගින්, නීතිවිරෝධී ලෙස කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සදහා පිටත් කිරීමට තැත් කරමින් සිටිය දී 10/13 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආසියානු සංවර්ධන බැංකුව ඇ. ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන්ගේ ගැටලු විසදීම සදහා ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

සෞදි අරාබියාවේ ගෘහ සේවයට ගිය මෙරට කාන්තාවක් පෙට්‍රල් වත්කොට සිරුරට ගිනි තබා මේ වන විට එරට රැඳවුම් මධ්‍යස්ථානයක සිටින බවත් ඇයව කෙසේ හෝ ලංකාවට ගෙන්වා ගන්නනැයි සෞදි අරාබියාවේ සිටින ලාංකික පිරිස් රජයෙන් ඉල්ලා සිටිති.

Read More

ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 17 හැවැරිදි සිසුවෙක් ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි මතුගම පොලීසිය පවසයි.

Read More

හත්වන වසරේ ඉගෙනුම ලබන අවුරුදු 12 මාස 01 වයසැති තම දියණියට ලිංගික අතවරකළ ඇයගේ පියා ඉකුත් (12) වෙනිදා ඇතිමලේ පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

මේ දිනවල පාසල් දරුවන් සහ වැඩිහිටියන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝගයක් පැතිර යයි. එම රෝගය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත්ව කටයුතු කල යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායක සභික ,මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර මහතා පෙන්වා දෙයි.

Read More

කාසල්රි සහ මවුස්සාකැලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පැවසිය.

Read More

පරිසර අමාත්‍යධුරය තමන් යටතට ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. ජනපති ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයක දැක්වෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව පරිසර අමාත්‍යාංශය තමන් භාරයෙන් තබා ගත යුතු බවට ජනපතිවරයා නිශ්චය කර ඇති බවයි.

Read More

අවයව බද්ධ කරණ රෝගීන් ලබාදෙන basiliximab ඖෂධ හිග විම නිසා අවයව බද්ධ ශල්‍යකර්ම වලටත් බාධා සිදුවෙමින් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සදහන් කරයි

Read More

මීළඟ පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය කල් දැමීමකින් තොරව සිදුවනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

Read More

මේ මාසයේ ග්‍රහණ දෙකක් සිදුවන අතර ඉන් පළමුවැන්න ඔක්තෝබර් 14 වැනිදා වළයාකාර සූර්යග්‍රහණයක් ලෙස සහ දෙවැන්න අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ඔක්තෝම්බර් 28 වැනිදා රාත්‍රියේ ඇතිවන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශ ප්‍රධාන සහ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

Read More

හමාස් සංවිධානය විසින් දියත් කළ ප්‍රහාරයට එරෙහිව සටන් වදින ඊශ්රායිල් හමුදාවන්ට එක්වීම සඳහා ඊශ්‍රායිල් අගමැති බෙන්ජමින් නෙතනියාහු ගේ පුත්‍රයා ද සක්‍රීය හමුදා සේවයට එක්වේ. එසේ පිටවීමට පෙර මවට හා පියාට සමුදුන් අවස්ථාව.

Read More

පවතින අධික වර්ෂාවත් සමඟ වැලිමඩ රේන්දපොල අබේවෙල හරහා ලෝකාන්තය මාර්ගයේ කලුපාලම අසලදී මාර්ගය ගිලාබැස නාය යාමට ලක්වීම නිසාවෙන් එම මාර්ගය නැවත දැනුම් දෙන තුරු අද (12දා) වසා දැමූ බව කැප්පෙටිපොළ පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායට අයත් කරන්දෙණිය කොහිල වගුර යුධ හමුදා කදවුරේ අවි ගබඩාවෙන් සොරකම් කොට සිය නිවස ආසන්නයේ ගස් බෙනයක ටී 56 වර්ගයේ ගිනි අවිය සගවා තැබුවේ යයි සැකපිට අත්අඩංගුවට ගත් එම යුධ හමුදා කදවුරේ සේවය කළ යුධ හමුදා නිලධාරියා අද (12දා) පස්වරුවේ බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු හෙට (13දා) දක්වා රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලපිටිය වැඩබලන මහේස්තාත් සංජය කොඩිතුවක්කු මහතා කරන්දෙණිය පොලීසියට අවසර ලබා දුන්නේය

Read More

ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවට වසර 75ක් පිරීම නිමිත්තෙන් වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ පිරිස එම තානාපති පරිශ්‍රයේ පසුගියදා විදේශ ඇමති අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවය හරහා දෙරට අතර සබදතා වඩාත් ශක්තිමත් විය.

Read More

මෙරටට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් පවතින Isolez Bio Tech Pharma සමාගම වෙත ලබාදී ඇති සියලු ඇණවුම් වහාම අත්හිටුවීමට හා අවලංගු කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යංශයේ ලේකම්වරයාට හා අදාළ සියලු ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.