saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2985 hours ago

LATEST

දරුණුම ලෝක කුසලාන පරාජයක් ලැබූ ශ්‍රි ලංකා කණ්ඩායම පැමිණෙයි

calendar_today 2023 නොවැ 10 - 08:29 remove_red_eye - 1061  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 11/10 දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ස්ථිර ගමනාන්තයක් නොදැන තැරැව්කරුවෙකුගේ උපදෙස් මත ශ්‍රී ලංකාවෙන් පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යාපනය ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක 11/09 දින පස්වරුවේ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක තනතුරට එම අධිකාරි‌යේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ රසායන විද්‍යාඥ D.D.බුලත්සිංහල මහත්මිය අද දින (09) සිට පත්කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරීන් ඉවත් කිරීමේ යෝජනාව අද (9) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.

Read More

• තෙල් ගබඩා කිරීමේ ධාරිතාවය වැඩිකිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ අවධානය • කොලොන්නාව පර්යන්තය දක්වා දිවෙන නල මාර්ගයේ වර්තමාන තත්ත්වය පිළිබඳ අවධානය • ඉන්ධන නැව් සඳහා ගෙවීමට සිදුවන ප්‍රමාද ගාස්තු සම්බන්ධයෙන් අවධානය • රටේ ඉල්ලුමට සරිලන ආරක්ෂක ඉන්ධන තොග පවත්වාගෙන යාම පිළිබඳ අවධානය

Read More

අධිකරණ සංවිධාන පනත යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල ප්‍රකාරව ගෞරවනීය වෘත්තියන්හි නියැලෙන්නන් වෙත සාම විනිසුරු පදවි ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ මෙරට ප්‍රකට කලාකරුවන් වෙත සාමවිනිසුරු පදවි පිරිනැමීමේ උත්සවයක් නොවැම්බර් 10වන දින පෙරවරු 10.00ට අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

Read More

වතුගෙදර ආපනශාලවකින් ආහාරයට ගත් බිත්තර රෝල්ස් එකට දමා ඇත්තේ ප්ලාස්ටික් වලින් සෑදූ බිත්තරයක් බවට අද (9දා) ලැබුණු පැමිණිල්ලකට අනුව අහුන්ගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කළේය.

Read More

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එකතුවුණා වගේ රටට බලපාන ජාතික ප්‍රශ්නවලදීත් අපි සියලුම දෙනා එකතුවෙලා කටයුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යය වෙත ඇතුළු වී එම වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම 2023.10.31 දින සිට අත්හිටුවීමට ඕමාන් රාජකීය පොලිසිය විසින් පියවර ගෙන තිබේ.

Read More

ත්‍රිකුණාමලය තිස්ස නවික හමුදා කඳවුරේ තැබෑරුම් තුල මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ ආරවුලකින් නාවික භටයකු තියුණු ආයුධයකින් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් නාවික භටයකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය වරාය පොලීසිය පවසයි.

Read More

මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමානය අනාගතය අභිවෘද්ධිය තකා සියලු දෙනා එකට එකතු වන ලෙසත් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එකා මෙන් අත්වැල් බැදගෙන ක්‍රිකට් ක්‍රීඩාව සුරැකීමට එන ලෙසත් ක්‍රිකට් පරිපාලනය සිතාගෙන සිටින ආකාරයට ආණ්ඩුව සහ විපක්ෂය මත දෙකක සිටියත් මෙම ප්‍රශ්නයේදී එක් මතයක සිටින බැවින් ඔවුන්ට නම්බුවක් ඇත්නම් අද දවස තුළ ස්ව කැමැත්තෙන් ඉවත් විය යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ සිදුව ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් අ ද(9) උදෑසන අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් කීඩාංගණය ඉදිරිපිටදී පැවැත්විණ.

Read More

තැපැල් දෙපාර්තුමේන්තුව සතු කිසිදු සම්පතක් විකිණිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉඩ ලබා නොදෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසිය.

Read More

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වළව්ව දළදා මාළිගාව භාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට තීරණය කෙරේ.

Read More

ඊශ්‍රායල - හමාස් ගැටුමෙන් මිය ගිය දෙවන ශ්‍රී ලාංකිකයා වන සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය අද (09දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන ආවේය.

Read More

නිරුවත අන්තර්ජාලයට මුදා හරින බව හමුදා මේජර්වරයෙකුට තර්ජනය කර බිය වද්දා රුපියල් ලක්ෂ දෙකක කප්පම් මුදලක් ලබාගත් සංවිධානාත්මක කල්ලියක නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලීසිය කියයි.

Read More

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කිරීමක් මාධ්‍ය වෙත යොමුකර තිබේ.

Read More

ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයට එරෙහිව ක්‍රිකට් පාලක මණ්ඩයේ නිලධාරී මණ්ඩලය අධිකරණය හමුවට යෑමට නියමිත බව වාර්තා වේ. එහිදී හිටපු පාලක මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට නියමිත බව ද වාර්තා විය.

Read More

මෙතෙක් ශ්‍රී ලංකාවේ හමුවී ඇති, අතිශය දුර්ලභ හා විශාලතම ශිලාලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමුවී ඇති බව පොලොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොලොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ලේඛනය සොයාගෙන තිබේ.

Read More

ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් කාර්යභාරයන් විධිමත්ව සිදුකිරීම සඳහා කමිටු 10ක් පත්කිරීමට ද යෝජනා කර ඇත.

Read More

රටේ පාලකයන්ට කොතරම් හොඳ පැත්ත පෙන්වා දුන්නද ඒවා ගණන් නොගෙන ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට ගමන් කිරීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙන බව මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්පැවසූහ.

Read More

’’දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම’’ යන මැයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනා සම්මතය අනුව විවාදය හෙට (09) පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තු මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.

Read More

වරකාපොල පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක් රාජකාරී කටයුත්තක් වෙනුවෙන් සිවිල් ඇඳුමන් සැරසී යතුරු පැදියකින් ගමන් කරන විටදී ඔහුගේ යතුරු පැදිය හිතා මතාම හප්පා දැමූ ලංගම බස් රියදුරෙක් අත්අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය කියයි.

Read More

සිය සිතේ සතුට වෙනුවෙන් දුප්පත් දරුවන් වෙනුවෙන් අද (08) වනදා කලවාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන චමිල කුලරත්න මහතා විසින් ආහාර පාන , පාසල් උපකරණ ලබා දීමට කටයුතු කෙරුණි .

Read More

ලබන 12 වැනි ඉරු දිනට යෙදෙන දීපවාලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ සියලු දමිළ පාසල් වලට ලබන සදුදා (13) නිවාඩු දිනයක් වශයෙන් නම් කිරීමට මධ්‍යම පළාත් පියවර ගෙන තිබේ .

Read More

අක්කර භාගයක මිරිස් වගාවක් සිදුකළ අනුරාධපුර ගොවි මහතෙක් එයින් රුපියල් ලක්ෂ 70ක ආදායමක් ලබා වාර්තාවක් පිහිටුවා තිබේ.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් කටයුතු කල විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාට එම තනතුරින් ඉවත් වන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් ඊයේ දින දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරමින්, නැතිවූ ආදායමට සරිලන ගෙවීමක් ලෙස ’සුපිරි ලාභ’ ලාභ ලබා ගැනීම සඳහා ’මධ්‍යම රාත්‍රියේ ගැසට්’ අවභාවිතා කරන සමාගම් මත ආදායම් බදු පැනවීමක් කරන ලෙසට පැවසීය.

Read More

විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත්, ඊට අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද දින ප්‍රකාශ කළේය.

Read More

’’ටොස් එක දින්නත් බැට් කරන්න එපා! බැට් කරන්න ඉන්දියාවට දෙන්න!’’ ශ්‍රී ලංකා නායකයාට මහේල ලබා දුන් උපදෙස පිටුපස තිබෙන කතාව කුමක් විය හැකිද? -’’ක්‍රිකට් අවුල’’ පිළිබඳ සුවිශේෂ අනාවරණ රැසක් සිදු කරමින් විමල් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.