saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2883 hours ago

LATEST

නැගෙනනහිර පර්යන්තයේ වැඩ ලබන වසර මැදදී අවසන් කිරීමට ඉලක්කයක්

calendar_today 2023 දෙසැ 03 - 10:32 remove_red_eye - 313  

කොලඹ වරායේ ඉදිවන විශාලතම පර්යන්තය වන නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතින බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළු විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “දේශගුණික යුක්ති සංසදය” එළිදැක්වීම COP 28 සමුළුවට සමගාමීව ඊයේ (02) සිදු කළේය.

Read More

වත්මන් තරුණ පරපුර අනාගත ලෝකයට ගැළපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

Read More

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලින් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට මහනුවර මහමායා බාලිකා විදුහලේ සමාධි අනුරාධා රණවක සිසුවිය සමත්ව සිටී.

Read More

අවුකන රාජමහා විහාරයේ වාර්ෂික කඨින පිංකමට සමගාමීව අවුකන බුද්ධ ප්‍රතිමාවට පැය කිහිපයකට සිවුරක් පැළඳවා පූජා පැවැත්වීමට කටයුතු කළ බව අවුකන රාජමහා විහාරාධිපති හිමියෝ ප්‍රකාශ කරති.

Read More

තඹලගමුව පොලිස් වසමට අයත් මොල්ලිපොතාන යුනිට් 10 ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ජලය බැස යන කාණුවකට වැටුණු දැරියක් ඉකුත් 01 පස්වරුවේ මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

Read More

මත් පැන් බෝතල්වල අලවන ව්‍යාජ ස්ටිකර් පරීක්ෂා කිරීමට ගැනීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනයකින් වැඩිවී ඇති බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට අනාවරණය කරන ලදි.

Read More

විනයගරුක රියදුරන් ඇතිකිරීම සහ රිය අනතුරු අවම කිරීම සඳහා කඩිනමින් රියදුරු බලපත්‍ර අනුව ක්ෂය වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 02 දින පස්වරුවේ දඹුල්ලේ දී පැවසීය මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්න දෙකකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

ළඟ එන උත්සව සමය හේතුවෙන් දෙසැම්බර් මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

Read More

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. මාස 13ක කාලයක් සඳහා එනම් ඊයේ (01දා) සිට ලබන වසරේ දෙසැම්බර් 31 තෙක් බලපැවැත්වෙන පරිදි මෙම බද්ද පනවා තිබේ.

Read More

2022/2023 අධ්‍යන වර්ශය සඳහා විශ්වවිද්‍යාල සඳහා සිසුන් 42147ක් බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි. මෙය 2021/2022 අධ්‍යන වර්ෂ සඳහා සැසදීමේදී සිසුන් 540ක බදවා ගැනීමේ වර්ධනයක් බවද කොමිෂම පවසයි.

Read More

2024 අයවැය යෝජනා මඟින් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට අවධානය යොමු කර ඇති බවත්, එමඟින් ඖෂධ ආනයනයේදී සිදුවන දූෂණ අක්‍රමිකතා ඇතුළු අනෙකුත් ප්‍රශ්නගත සිදුවීම් වළක්වා ගැනීමට අවස්ථාව හිමිවන බවත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.

Read More

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Read More

මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 20කට ආසන්න ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගුටිබැට හුවමාරුවකට සම්බන්ධ සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට වරප්‍රසාද සහ ආචාර ධර්ම පිළිබඳ කමිටුව පාර්ලිමේන්තුවට අද (1දා) නිර්දේශ කළේය.

Read More

ඒ අනුව, බොරැල්ල, වැල්ලවත්ත, හැව්ලොක් ටවුන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන්, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස, නුගේගොඩ, සීතාවකපුර යන තැපැල් කාර්යාල මෙසේ පැය 24 පුරා විවෘතව තබනු ඇත.

Read More

2023/12/01 සිකුරාදා රාත්‍රී 9.00 සිට 2023/12/4 සඳුදා උදෑසන 6.00 දක්වා, 2023/12/08 සිකුරාදා රාත්‍රී 9.00 සිට 2023/12/11සඳුදා උදෑසන 6.00 දක්වා, 2023/12/15 සිකුරාදා රාත්‍රී 9.00 සිට 2023/12/ 18 සඳුදා උදෑසන 6.00 දක්වා,

Read More

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ අද (01) සිට ආරම්භ වන බවත් ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයින් සඳහා නව ජපන් රැකියා අවස්ථා විවෘත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සමගාමීව මේ වන විට ශ්‍රි ලංකාව තුළ ඉන්ධන සිල්ලර ව්‍යාපාරයේ නිරතව සිටින ලංකා අයි.ඕ.සී. සමාගම හා සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට තීරණය කර තිබේ.

Read More

කොළඹ බදුල්ල උඩරට දුම්රිය මාර්ගයට අද 01 අලුයම හපුතලේ දියතලාව අතර ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

Read More

2023 වර්ෂයේ පවත්වන ලද 2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

Read More

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින් අඩු කර ඇති අතර නව මිල රු 329කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කර ඇති අතර නව මිල රු 346කි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කර ඇති අතර නව මිල රු 247කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරක මිල රුපියල් තුනිකින් ඉහළ දමා ඇති අතර නව මිල රු 434කි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දවා ඇති අතර නව මිල රුපියල් 426කි.

Read More

අපරාධකරුවන්ගෙන් ගිනි අවි අඩු මුදලට ලබාගෙන වෙනත් අපරාධකරුවන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු රුවන්වැල්ල මොරාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය නොවැම්බර් මාසයේ දී 3.4%ක් දක්වා වැඩි වී ඇත. එය 2023 ඔක්තෝබර් මාසය සඳහා 1.5%ක් ලෙස වාර්තා වී තිබුණි.

Read More

විශ්‍රාමික දීමනා, මානුෂික ව සළකා බලා පවත්නා ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා යම් කිසි සූත්‍රයක් සකසන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශ කරන ලදී. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Read More

වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කර සිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය නීතිඥවරුන් මාර්ගයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (30දා) භාර වූවාය.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ දැවෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් අද (30) පාර්ලිමේන්තුවේ පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දැක්වීය. එහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් විපක්ෂ නායකවරයා මෙහි දී ඉදිරිපත් කර සිටියේය.

Read More

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී වෙළෙඳසැලක් පවත්වාගෙන අයෙකුගේ වයෝවෘද්ද වූ මව සහ පියා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට තිබියදී අද (30) දින සිරුරු හමු වූ බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.

Read More

ලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා (2023 Quarter 3) විදුලි ඒකක මිලියන 483 ක් (483 million units) ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.