විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි .
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසු විය.
Read Moreමාතර බන්ධනාගාරයේ රැදවියන් අතර පැතිර යන උණ රෝගී තත්වය හේතුවෙන් අද (24) වන විට රැදවියන් 17 දෙනෙකු මාතර මහ රෝහල වෙත ඇතුලත් කර සිටින බව එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
Read Moreපාතාල කල්ලි නායකයෙකු වන මාකඳුර මදූෂ්ගේ අනියම් බිරිඳට අයත් යැයි සැලකෙන භාණ්ඩ තොගයක් සමග ලැගුම්හල් හිමිකරුවෙකු අත්අඩංගුවට ගැනිමට (21) දින කටයුතු කල බව නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreපිරිමි වෙස් ගෙන හොරයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු හැඩි දැඩි කාන්තාවක් රුපියල් ලක්ෂ දෙකකට අධික මත්කුඩු තොගයක් සමග ගල්කිස්ස පොලිසිය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
Read Moreමහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් දෙමෝදර සහ උඩුවර දුම්රිය ස්ථාන අතරදි පීලිපැනීමට ලක් විමේන් අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (24) අලුයම සිට සාමාන්‍ය පරදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමේ රටේ ජීවත් වන බොහෝ දෙනකුට රට ගැන, වත්මන් පාලනය ගැන ලොකු බලාපොරොත්තුවක් නැති නිසා උගතුන්, බුද්ධිමතුන්, විශිෂ්ටයන්, තරුණයන් විශාල ප්‍රමාණයක් රට අතහැර යන බවත් බහුතරයක් තරුණයන් අප රටටත් වඩා නොදියුණු රටවලට පවා රැකියා සොයා යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreපොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ, මාරක අනතුරු රැසක් සිදුවීමෙන් ජීවිත කීපයක් බිලිගෙන ඇති මනම්පිටිය කොටලීය පාලමෙන් 24 වෙනිද උදෑසන හයයි හතළිස් පහට පමණ ලොරියක් ඔයට වැටීමෙන් රියදුරාගේ සහ සහායකයාගේ ජීවිත අනූනමයෙන් බේරී ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
Read Moreපයාගල සංචාරක හෝටලයක් පිටුපස මුහුදේ රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නියැලී සිටීයදී දියේගිලී අතුරුදන්ව සිටී චීන ජාතිකයාගේ සිරුර උතුර පයාගල කරවල වාඩිය අසලට ගොඩගසා තිබියදී හමුව ඇති බව පයාගල පොලිසිය පවසයි .
Read Moreප්‍රංශ ජාතිකයෙකුට අයත් අස්ථාන ගත වූ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු 12/23 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඑකම පවුලේ මවක සහ දියණියක සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන පනාගොඩ යුද හමුදා කඳවුරේ සිරමැදිරියක් තුළ රදවා සිටි යුධ හමුදා සැරයන් වරයෙකු තන්ගුස් නූලක ආධාරයෙන් ගෙල වැළලාගෙන ඊයේ (23) දා සියදිවි හානි කරගෙන ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
Read Moreහාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන දෙක අතරේදී අද 23 සවස දුම්රියක් පීළී පැනීමට ලක් වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
Read Moreඉපලෝගම, කුඹුක්ඇන්ද ප්‍රදේශයට පැමිණි වන අලි රංචුවක් නැවත කැලෑවට යාමට නොහැකි වීමෙන් අද (23) දවස පුරාම කුඹුක්ඇන්ද වැවෙ රැදී සිටියහ.
Read Moreරජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය සින්නක්කර ඔප්පු මගින් ජනතාවට පැවරීම සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
Read Moreකොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හා අරමුදල් රැස්කිරීම සඳහා භාවිතා කළ itukama.lk වෙබ් අඩවිය තව දුරටත් පවත්වා ගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත.
Read Moreරුපියල් කෝටි දොලහක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවට එරෙහිව පැවති විධිමත් රේගු පරීක්ෂණයේ දී , ඇයට ගෙවීමට නියම වූ රුපියල් එකොළොස් කෝටි අසූ ලක්ෂයක දඩ , එසැනින් ගෙවා දැමීමට ඇය කටයුතු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ 10ක් සඳහා නව ලේකම්වරුන් දසදෙනෙක් සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක් පත් කර ඇත.මෙම පත්වීම් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.
Read Moreමහවැලි ගංගාව පිටාර ගැලිම නිසා ඓතිහාසික සෝමාවතිය පුදබිම ගං වතුරින් යටවී ඇත.
Read Moreගාලදිවුල්වැව මෙත් සිසිල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති හිමියන්ගේ කුටිය තුල තිබූ, ලක්ෂ තුනකට ආසන්න මුදල් සහ දේපල සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (21දා) විමර්ශනයක් ආරම්භ කල බව ගාලදිවුල්වැව පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් (H.E) Tareq Md Ariful Islam මහතා විසින් ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 24 ක තොගයක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත නිල වශයෙන් භාර දීම ඊයේ දින (21) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සිදුවිය.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙනුවෙන් නව ගුවන් යානයක් එක් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ. ඒ අනුව ඒ 380-200 වර්ගයෙ ගුවන් යානයක් එහි ගුවන් ඇනිය වෙනුවෙන් ලබා ගෙන තිබේ. මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන්හි කෙටි ගුවන් ගමන් ආවරණය කිරිම වෙනුවෙන් යොදා ගැනීමට නියමිතව තිබේ. ගුවන් යානය ව්‍යාපාරික පංතියේ ආසන 12ක් හා පිරිමැසුම්දායක පංතියේ ආසන 138කින් සමන්විත වෙයි.
Read Moreමත්ද්‍රව්‍ය වැටලීමකදි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ සංවිධායකවරයෙක් වන අමිත බණ්ඩාර මහතාගේ සංවිධායකධුරය අත්හිටුවීමට කටයුතු කළ බව පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreදිවයිනේ විවිධ ප්‍රදේශවල යතුරුපැදි සොරාගෙන චැසි සහ එන්ජින් වෙනස්කර මුහුණු පොත ඔස්සේ අලෙවි කළ සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික වටිනා යතුරුපැදි තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
Read More2022 නොවැම්බර් 24 දින නිකුත් කරන ලද 2022(2023) උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව 2022 (2023) අධ්‍යන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලද නව අයදුම්කරුවන්ගෙන් අද (22) සිට 29 දක්වා අන්තර් ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවා ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
Read Moreදෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 337 ක දෙවැනි වාරිකය ද, විවිධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ද, ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් ද හිමි ව තිබේ.
Read Moreලෝක උරුම සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් ලෙස නම් කිරිමට නිර්දේශ කර ඇති රක්වාන තුනේ කණුව ප්‍රදේශයේ සුළුකන් සහ බෝයින් ප්‍රදේශයේ දැවැන්ත වන සංහාරය සම්බන්ධව ඉක්මනින් නඩු පවරන ලෙස රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්නේය. ඊයේ ( 20දා) රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් මධ්‍යම පරිසර අධිකාරියට මේ බව දැනුම් දී තිබේ.
Read Moreඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 දෙසැම්බර් 21) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreපරාටේ නීතිය පිලිබදව විශාල සංශෝධනයකට ගොස්, පරාටේ නීතිය පිළිබදව නව පනතක් ගෙන එනවා. · ලංකා බැංකුව සහ මහජන බැංකුව ආරම්භ කළ පරමාර්ථ අනුව කටයුතු කලා නම්සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙහෙම වෙන්නේ නැහැ. · රෝම ලන්දේසී නිතීයක් වන පරාටේ නීතිය අද වන විට රෝමයේත් නැහැ. ඕලන්දයේත් නැහැ
Read Moreජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 1 ක් වූ උද්ධමනය නොවැම්බර් මසදී සියයට 2.8 දක්වා වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
Read More