saravita-anim2

2026 ජනවාරි මස 12 වන සඳුදා

2026 ජනවාරි මස 12 වන සඳුදා

Latest News - timelapse 2686 hours ago

LATEST

දරු දෙදෙනෙකු ප්‍රාණ ඇපයට තබාගත් පියා දාහත දක්වා රිමාන්ඩ්

calendar_today 2024 මැයි 06 - 15:53 remove_red_eye - 239  

පවුල් ආරවුලක් දුර දිග යාමෙන් බිරිඳ ඝාතනය කිරීමට අත්බෝම්බයක් රැගෙන පැමිණි අවස්ථාවේදී නිවසේ බිරිඳ නොමැති නිසා සිය දරු දෙදෙනා ප්‍රාණ ඇපයට රඳවාගෙන සිටිය දී අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද(06) දා නියෝග කළාය.

මීටියාගොඩ පොලිස් වසමේ පදිංචි ඔහු 2012 වසරේ මැයි මස 15 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී තම 37 හැවිරිදි බිරිදට මන්නයකින් පහර දී ඝාතනය කර තිබුණි.

Read More

2023 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය විසින් නොපිය වූ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 28,695.95 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත සටහනක ‌දැක්වෙයි.

Read More

ලොව කිසිඳු රටක මෙවන් වැඩසටහනක් ක්‍රියාත්මක වී නැහැ. රජය ලබා දුන් දායකත්වය වෙනුවෙන් ඔබේ වගකීම ඉටුකරමින් කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ එක්වන්න. පොළොන්නරුව මෙරට ප්‍රධාන අපනයන දිස්ත්‍රික්කයක් බවට පත් කළ හැකියි. තරුණ පරපුරට හොඳ අනාගතයක් නිර්මාණය කර දීමට සියලුදෙනා එක්වෙමු – මහවැලි ජනපදිකයන් වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනපති පවසයි.

Read More

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීමේ දොරටුව අවහිර කර උද්ඝෝෂණයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීහු 22ක් අද(6) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

කන්තලේ ප්‍රාදේශීය සභාවට අයත් සූරියපුර නවය කණුව කසල අංගනයට යාබදව කලකට පෙර කසල දැමූ කුණු වලේ කසල කෑමට එන වල් අලි අතර මේ දිනවල ඇතෙක්ද දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් පවසයි.

Read More

මෙරටට ඉකුත් වසරේ ආනයනය කළ පාරිභෝගික භාන්ඩ ශීර්ෂයේ ආහාර පාන කාණ්ඩයට අයත් ආහාර ද්‍රව්‍ය වර්ග සඳහා දරන ලද වියදමෙහි පෙර වසරට වඩා වැඩිම වර්ධන වේගයක් පෙන්නුම් කරනුයේ තෙල් සහ මේදය ආනයනයට වන අතර එම දෙවන වැඩිම වර්ධන වේගය සීනි හා රසකැවිලි සඳහා වූ වියදමට බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම ආර්තික වාර්තාව වූ 2023 ආර්තික විවරණ වාර්තාව මගින් අනාවරණය කරයි.

Read More

අදින් ආරම්භ වූ අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය සඳහා අන්ධ සිසුන් පෙනී සිටි මඩකලපුව තරිශනම් අන්ධ පාසලේ ඉගෙනුම ලබන පිරිමි සිසුන් අ පො ස සා පෙ ව්භාගයට පැණිසිටිති.

Read More

උග්‍ර විෂ සහිත බැවින් කොළ පැහැති අර්තාපල් අල මිලට ගැනීමෙන් වළකින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Read More

අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගලයකු හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා ඊයේ (05) දින සවස තම කුඩා දරුවන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට තබා ගනිමින් සිටි සිද්ධිය පොලිස් විශේෂ කාර්ය බලකායේ පැය නවයකට ආසන්න මෙහෙයුමකින් පසු දරුවන් දෙදෙනා බේරා ගැනීමට හැකි වී ඇත.

Read More

ඔක්තෝබර් මාසයේදී බංග්ලාදේශයේදි පැවැත්විමට නියමිත විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනිමට ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

Read More

ග්‍රාම නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා අද (06දා) සහ හෙට (07දා) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව ශ්‍රී ලංකා ග්‍රාමනිලධාරී සංගමය සඳහන් කරයි.

Read More

අද (06දා) සිට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය මූලික කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් මෙම කටයුතු සඳහාපොලිස් නිලධාරීන් දෙදහසක් පමණ සෘජුවම යොදවන බවත් මීට අමතර ජංගම සංචාර හාAnchor පාමුර සංචාර සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

හෙද, පරිපූරක, අතුරුවෛද්‍ය හා අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලවට ආර්ථික යුක්තිය ඉටු කිරීමට බලධාරීන් ලබා දුන් පොරොන්දු කඩවෙමින් තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත්ව තිබේ.

Read More

වාහන සොරකම් කිරීම්, රත්‍රන් භාණ්ඩ සොරකම් කිරීම හා ගෙවල් බිඳුම්වලට සම්බන්ධ සැකකරවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්කරයි.

Read More

කොල්ලුපිටිය ගාලු පාර ප්‍රදේශයේ නිවසක් වෙත ගොස් රුපියල් කෝටික අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකුද අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ දැනට ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි බෙම්මුල්ල සහ මගලේගොඩ අතර ප්‍රදේශයේදී විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීමට හේතුව එම කොටස පෙරලී යාම බවත් මේ සම්බන්ධයෙන් සොයා බැලීම පිනිස පරීක්ෂණයක් සිදු කරන බවත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටස බාර ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු නලින්ද රත්නායක මහතා පැවසීය.

Read More

ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහා පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වීම හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

ගෙවී ගිය වසර කිහිපය තුලදී උතුරු පලාතේ විවිධ පුද්ගලයින් විසින් නීතිවිරෝධීව වත්කම් ඉපයීම සමබන්ධයෙන් සෙවීම සඳහා පොලිස්පති වරයාගේ නියෝගයන් පරිදි නීතිවිරෝධී වත්කම් වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් විශේෂ පරික්ෂණයක් ආරම්බ කොට ඇත.

Read More

බුත්තල නගරයේදී නයි නටවමින් සිටි පුද්ගලයෙකු නයා දෂ්ඨකිරීමෙන් අනතුරුව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාරලබමින් සිටියදී ඉකුත් (03) වෙනිදා මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.

Read More

අද (05දා) පෙරවරුවේ සිට ගාලු පාරේ අකුරල සිට තෙල්වත්ත දක්වා වූ ප්‍රදේශයේ මුහුදු රළ ගොඩගැලීම නිසා මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා ඇතිවී තිබුණි.

Read More

ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ සක්‍රිය වී ඇති නාය යාමේ අවදානම් තත්ත්වය උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවූවක් නොවන බවට පලපුරුදු භූ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි දැනට ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති බෙම්මුල්ල සහ මගලේගොඩ යන ප්‍රදේශ අතර කොන්ක්‍රීට් කනු මත යොදා ඇති විශාල කොන්ක්‍රීට් ආධාරක කොටසක් ( බීම්) කඩා වැටී ඇත.

Read More

ඇලයාපත්තුව පොලිස් වසමේ බුලංකුලම ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි වයස අවුරුදු 10ක සහ 13ක සාමණේර හිමිවරුන් දෙනමකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කල චීවරධාරීන් දෙදෙනෙකු ඊයේ (4දා) අත්අඩංගුවට ගත් බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.

Read More

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් කැබ් රථයකින් ගමන් කරමින් සිටි අයකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

Read More

’’1948 දී අපේ රටේ කෙනෙකුගේ ආයු කාලය තිබුණෙ අවුරුදු 42 යි.කවුරුහරි අවුරුදු 60 පැනල ජීවත්වෙලා තිබෙන්නේ ඉතාම කලාතුරකින්. නමුත් අවුරුදු 75 කට පස්සෙ අද අපේ රටේ අය අවුරුදු 79 ක් ජීවත් වෙනවා.ඉතාම දියුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙනෙකුගේ ජීවත්වීමේ ආයු කාලය අවුරුදු 78 යි.ලෝකයේ දියුණුම රටටත් වඩා චුට්ටක් හරි ඉදිරියෙන් අපි ඉන්නවා.’’

Read More

මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 200 ක පමණ වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ දින (04) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.