saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2669 hours ago

LATEST

නියඟයෙන් වූ වගා හානි වෙනුවෙන් වන්දි ගෙවීමට කෝටි 100ක්

calendar_today 2024 ජන 21 - 18:18 remove_red_eye - 151  

යල කන්නයේ නියඟය නිසා සිදු වූ වගා හානි වන්දි ගෙවීම සඳහා රජය රුපියල් කෝටි 100ක් වෙන් කළ බවත් ඉන් කෝටි 50ක් මේන වන විටත් ගෙවා අවසන් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි නව නායකයා ලෙස අද (21) පැවැති මධ්‍යම කාරක සභා ඡන්ද විසිමේදි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රි ධරන් මහතා වැඩි ඡන්ද 47 කින් ජයග්‍රහණය කලේය.

Read More

අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පිහිටි තම නිවසට අයුතු ලෙස ඇතුළු වී, බීමත්ව ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් කාන්තාවකගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව, සැකකාර එම චීවරධාරියා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

මැණික් ගල් 15 ක් ලබාගෙන ඒ සඳහා ලබාදිය යුතු රුපියල් දෙකෝටි අසූහත් ලක්ෂ පනස්දාසක (2,87,50000/=)ක් මුදලක් වෙනුවෙන් මුදල් නොමැති ගිණුම්වලින් චෙක්පත් ලබා දුන් කාන්තාවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

වැටී තිබූ ශ්‍රී ලංකාව යළි නඟා සිටුවීම සඳහා ජනපති දුන් නායකත්වය උගන්ඩා ජනපතිගේ ඇගයීමට. උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි (Yoweri Museveni) මහතා අතර නිල හමුව ඊයේ (20) පස්වරුවේ සිදු විය.

Read More

විවිධ සමාගම් හා රාජ්‍ය අනුග්‍රහය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ වගාකරනු ලැබු ටොම් ඇන්ඩ් ඊ ජේ සි අඹ වි‍ශේෂයේ අධික අස්වැන්නක් ලැබීම් හේතුවෙන් කිලෝවක් රුපියල් සීයයක් වැනි මිලකට මේ දින වල අලවි වන බැවි වගාකරුවෝ කියා සිටිති.

Read More

වර්තමාන ජීවන වියදම දරාගත නොහැකි බව පිළිගන්නවා... යුධ ගැටුම් හේතුවෙන් ලොව බොහෝ රටවල ජීවන වියදම ඉහළ ගිහිල්ලා... ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙළ නිසා ඉදිරියේදී රට සාමාන්‍ය තත්ත්වයට පත්වේවි... විපක්ෂයේ හා කුමන්ත්‍රණකරුවන්ගේ බේගල්වලට අහුවෙන්න එපා... ඊළඟට ජනාධිපතිවෙන්නෙත් පොහොට්ටුවේ සහය තියෙන කෙනෙක්... පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියපු මිනිස්සු අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා...

Read More

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කොලොන්නාවේ චන්දන නොහොත් ධනුෂ්ක නමැත්තන්ගේ මුදල් පරිපාලකවරිය ලෙස කටයුතු කළ ’’බබා ’’නැමැත්තිය සහ මත්ද්‍රව්‍ය බෙදා හරින්නියක් වන ’’ එන්ජල්’’ නමැත්තිය රාජගිරියේ දේවස්ථානයක් අසලදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි

Read More

මේ වන විට මෙරට වැසී ඇති ගොවිපොළවල් සංඛ්‍යාව 14000 ඉක්මවන බව කෝපා කමිටුවේදී අනාවරණය වෙයි. මිල්කෝ සමාගමට දෛනිකව ලැබුණු කිරි ප්‍රමාණය විශාල වශයෙන් අඩු වෙලා - අමාත්‍ය මහින්ද අමරවීර මහතා දෙපාර්තමේන්තුව සතු දත්ත පද්ධතිය යාවත්කාලීනව පවත්වාගෙන යාමේ වැදගත් කම කමිටුව අවධාරණය කරයි. කෘතීම සිංචන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය. කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳ අවධානය අභිජනනය සඳහා ඕස්ට්‍රේලියාවෙන් ආනයනය ක

Read More

බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැර මෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ ක්‍රියාවන් වල නිරත වෙමින් සිටි රත්නපුරේ විශ්ව බුද්ධි නමැති චීවරධාරියා පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

Read More

මාලිම්බොඩ පොලිස් වසමේ තෙලිජ්ජවිල මංසන්ධියේ පිහිටි ජංගම දුරකතන අලෙවිසැලක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි නඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඒම පුද්ගලයා මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

ආණ්ඩුවේ රාජ්‍ය ආදායම වැඩ කර ගැනීම සඳහා අයි.එම්.එෆ්. කී යැයි පවසා වැට් බදු ඇතුළු බදු අධික ලෙස වැඩි කර තිබියදී පාසල්වල පරිගණක නොමැති තත්ත්වයක් උදා වී තිබියදී රටේ ජනාධිපතිවරයා පරිපූරක ඇස්තමේන්තුවක් හරහා රටේ ජනතාවගේ බදු මුදල් රුපියල් ලක්ෂ 2000ක් උපයෝගී කර ගෙන විදේශ සංචාර යන බවත් බංකොලොත් රටේ මහජනතාව හාමතේ සිටින විට ජනාධිපති ප්‍රමුඛ රජය සුරසැප විඳින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

2013 වසරද ඇතුළත්ව 2023 දක්වා වූ වසර 11ක කාලය තුළදී ලංකා විදුලි බල මණ්ඩලය වෙත අඩුම සේවකයන් සංඛ්‍යාවක් බඳවා ගෙන ඇත්තේ පසුගිය වසරේදී බව එහි දත්ත වලින් පෙනේනට තිබේ.

Read More

විදුලි බල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති ණය වල පොලී ගාස්තු වලින් තුනෙන් දෙකක් විදුලි බල මණ්ඩලය ගෙවමින් ඇති බවත් එම මුදල් අයවන්නේ මහජනතාවගේ විදුලි බිලෙන් බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජෙසේකර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන දින 07 යි පැය 11 යි මිනිත්තු 17 යි තත්පර 14 කින් කිලෝමීටර් 586.1 ක්, පූනෑව සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණ නැවත පූනෑව දක්වා ගමන් කර, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට 2024 ජනවාරි මස 19 වන දින සමත් විය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 100 ක් පමණ (කිලෝමීටර් 185 ක් පමණ) දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 කට අධික තොගයක් සහිත උර තුනක් (03) ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සහ ඊට සහය වූ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් එකොළොස් දෙනෙකු (11) අත්අඩංගුවට ගෙන, අද දින (2024 ජනවාරි 20) උදෑසන ගාල්ල වරාය වෙත

Read More

යුද හමුදා බුද්ධි තොරතුරක් අනුව ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද බවට සැක කෙරෙන බීඩි කොල කිලෝ ග්‍රෑම් 2170ක් අත්අඩංගුවට ගැනීමට යුද්ධ හමුදා බුද්ධි අංශය හා මීගමුව අපරාධ කොට්ඨාසයේ මත්ද්‍රව්‍ය නාශක අංශය සමත්ව තිබේ.

Read More

රාජ්‍ය බුද්ධි සේවාව මඟින් ලද බුද්ධි තොරතුරකට අනුව, නාවික හමුදා බුද්ධි අංශය විසින් සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ එක් දින යාත්‍රාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More
අදත් වැස්ස
20 01 2024 09:30:00
0 174

නැහෙනහිර හා ඌව පළාත්වලත් පොළාන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි භාවිතය මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර තිබෙනවා යහපත් ලෝකයක් වෙනුවෙන් ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටළු කඩිනමින් විසඳාගත යුතුයි. ප්‍රධාන බලවතුන්ගේ තරගය වෙළෙද හා ආර්ථික ඒකාබද්ධතාව පසුපසට ගමන් කරවමින් තිබෙනවා. නොබැඳි ජාතීන් තවදුරටත් දුර්වල රාජ්‍යයන්ගේ එකතුවක් නොවේ – ජනපති නොබැදි ජාතීන්ගේ සමුළුවේ 19 වන රාජ්‍ය නායක සැස

Read More

ශ්‍රී ලංකාවේ යුක්තිය පසෙදිලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ගෙන එනු ලබන නව නීති සහ රෙගුලාසි අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන ආකාරයෙන් විනිවිදභාවය ආරක්ෂා කරමින් ගෙන එන ලබන බව අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද 19 එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc- Andre-Franche අමතමින් පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වෙමින් පැවතියත් ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය.

Read More

සිය නෑනා ඇසිඩ් ගසා බරපතල තුවාල සිදු කොට මරණයට පත් කළේ යයි වැරදිකරුවකුවූ අයෙකුට බරපතල වැඩ සහිත සත් අවුරුදු සිරදඩුවමක් හා රුපියල් 25000ක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ(18) නියෝග කළේය.

Read More

පැණි බීම පානයක් සඳහා සිහිය නැතිවෙන බෙහෙතක් කලවම් කර පානය කිරීමට ලබාදී සිහිය නැති වූ විගස කනකර පැළඳි රන් ආභරණ දුරකථන සහ මුදල් පසුම්බියේ ඇති මුදල් කොල්ලකන තවලන්තැන්න හා වටවල ප්‍රදේශයේ පදිංචි අනියම් යුවලක් (17) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එස්.රාජසිංහ මහතා පැවසිය.

Read More

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

Read More

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම් හා වර්තමාන තත්ත්වය හමුවේ ඉදිරියේදී එළවළු මිල තවත් වැඩි වන බවත් , මැයි මාසයෙන් පසුව එළවළු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවන බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

Read More

මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කටයුතු කණ්ඩායම්, වෘත්තීය සමිති ආදී පාර්ශ්වකරුවන් රැසක් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ගණනාවක් සමඟ සිදු කළ සාකච්ඡාවලදී පැහැදිලි නිගමනයකට පැමිණි බවත් ඒ අනුව රජය ඉදිරිපත් කරන මාර්ගගත සුර්ක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත තමා ඇතුළු පිරිස තරයේ ප්‍රතික්ෂේප කර ඒ සඳහා විරෝධතාව පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

යුක්තියේ මෙහෙයුම ආරම්භ කර ගත වූ මාසය තුළ සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව හා අපරාධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 40,950 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. යුක්තිය මෙහෙයුම ආරම්භ කර අද (17දා) දිනට මාසයකි.

Read More

මෙරට සංගීත ක්ෂ්‍රේත්‍රයට විශාල මෙහෙයක් සිදුකල ප්‍රවීන සංගීතඥ ආර්.මුත්තුසාමි මහතා ගේ සේයාරුවක් මෙම ජනවාරි 19දා ගුවන්විදුලියේ කුමාරතුංග මැදිරියේදී විවෘතවීමට නියමිතය.

Read More

ඒ වගේම විදේශිකයින්ට අවශ්‍ය රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන ලබන අප්‍රේල් මාසය වන විට ගුවන්තොටුපලේදීම ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එසේම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝම්බර් මාසය වන විට විසඳනවා. ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.