හෙළයේ මහා ආගමික සංස්කෘතික මංගල්‍යය කන්ද උඩරට ඇසළ පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ සිට කන්ද උඩරටට කප වැඩමවීම අද (16) පෙරවරුවේ සිදු විය .
පසුගිය වකාවානුවේ දේශගුණික විපර්යාස හා නිරිත දිග මෝසම් සුළං හරිහැටි ක්‍රියාත්මක නොවීමෙන් හා වාරකන් කාලය හේතුකොටගෙන සීග්‍රයෙන් ඉහල ගිය මාලු මිල මේ වන විට විශාල ලෙස පහල බැස ඇති බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.බී.උපුල් මහතා අද (16දා) දින ධීවර අමාත්‍යංශයේදි වාර්තා කලේය.
Read Moreකන්න රැස්වීම්වලදී ගන්නා ලද තීන්දු තීරණ අනුව වගා කටයුතු සිදුකිරීම නිසා මාතලේ දිස්ත්‍රික්කයේ වී වගාවට නියගයෙන් හානිසිදුව නැති බව පසුගිය 15 වෙනිදා පැවැති දිස්ත්‍රික් කෘෂීකර්මකමිටුවේදි අනාවරණය විය.
Read Moreමිදි ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 900ක් පමණ වැය වන බැවින් වගා කිරීමට සුදුසු මිදි ප්‍රභේදයක් සකස් කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට 2018 වසරේදී තමන් උපදෙස්දී තිබුණද, මේ වන තෙක් එය ක්‍රියාත්මක වී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreවෛද්‍යවරුන් රට හැර යාමේ බලපෑම් රෝහල්වලට අමතරව වෛද්‍යපීඨවල ඉගැන්වීම් කටයුතුවලට පවා දැඩි ලෙස බලපාන බවත්, මේ නිසා මෙම තත්ත්වය සුළුවෙන් තැකිය නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.
Read Moreමන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් සැප්තැම්බර් 15 වන දා සිට තලෛයිමන්නාරම – කොළඹ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක්. වව්නියාවේ සීනි කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට පියවර -ජනපති මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට එක් වෙමින් කියයි.
Read Moreඊයේ(15දා) දිනය වන විට වියළි කාලගුණ තත්ත්වයේ බලපෑම දිස්ත්‍රික්ක 13 කට ඇති වී තිබේ. මේ අනුව දිස්ත්‍රික්ක 13 ක පවුල් 52402කට අයත් 174009ක් දෙනා පීඩාවට පත්ව සිටිති.
Read Moreඑක බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 500ක් ගමන් කළ හැකි මොටර් රථයක් ශ්‍රි ලංකා වෙළඳ පොළට හඳුන්වා දීමට මයික්‍රෝ සමාගම කටයුතු කර තිබේ. MG5 EV ලෙසින් මෙම මොටර් රථය ශ්‍රී ලංකා වෙළඳ පොළට නිකුත් කරයි.
Read Moreලෝක කාලගුණ විද්‍යා සංගමය මගින් ලබා දුන් රේඩාර් පද්ධතියක් ගොන්ගල ප්‍රදේශයේ ඉදිකිරීම වෙනුවෙන් සිදුකළ අසාර්ථක ව්‍යාපෘතියක් නිසා රු. මිලියන 78ක අලාභයක් රජයට සිදුවී ඇති බව රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා කමිටුව) පසුගියදා අනාවරණය විය.
Read Moreරුපියල් කෝටියක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කැනඩාවේ සිට මහරගම ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයකට පාර්සලයක් ලෙස ගුවන් තැපැල් ඔස්සේ එවා තිබියදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.
Read Moreආනයනය තහනම් කාලසීමාවේ ආනයනය කොට මේ වනවිට රේගුවේ රඳවාගෙන ඇති පොදු ප්‍රවාහන කාණ්ඩයට අයත් වාහන ද නිදහස් කරගැනීම සඳහා අවසර හිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreහජ්ජි උත්සවයේදී කලපු තීරයෙහි පැවති මුදලට සිදුවූ ක්‍රීඩාවක් සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අතරතුර රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා අලි සබ්රි මන්ත්‍රිවරයා අතර වචන හුවමාරුවක් ඇති වීම හේතුවෙන් රැස්වීමෙහි උණුසුම් තත්වයක් ඇති විය.
Read Moreශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් තරග පිටියෙන් විශ්‍රාම ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වා සිටින වනිඳු හසරංග සදහන් කර සිටින්නේ, සීමිත පන්දුවාර තරග අංශයෙහි විශේෂඥ ක්‍රීඩකයකු ලෙස තම වෘත්තීය ක්‍රිකට් දිවිය දීර්ඝ කර ගැනීම හේතුකොට ගෙන ඉහත තීරණය ගැනීමට හේතු වූ බවයි.
Read Moreපොදු ප්‍රවාහනයට හා භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ආනයන සීමා ඉවත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreහරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreහම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදු ගිවිසුම අහෝසි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අත්හිටුවීමට ලබන මස සළකා බලන බවත් එසේ නොවුණ හොත් සතියේ ඉන්ධන කෝටාව ඉහළ දමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read Moreකොවිඩ් සහ ආර්ථික අර්බුදය හමුවේ නතර කෙරුණු නිවාස වැඩසටහන් කඩිනමින් යළි ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි.
Read Moreමොනරාගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙමින් පැවති කුඹුක්කන්ඔය ජලාශ ව්‍යාපෘතියේ සියලු කටයුතු නතරකිරීමට වාරිමාර්ග දෙපාර්තුමේන්තුව කටයුතුයොදා ඇත.
Read Moreබස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreරජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 අගෝස්තු මස 17 වන බ්රහස්පතින්දායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දෙවන පාසල් වාරයේ දෙවන අදියර 2023 අගෝස්තු මස 28 වන සඳුදා දින ආරම්භ කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.
Read Moreආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreනාරම්මල ප්‍රදේශයේ විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් විසින් වල් නාශක කුඩු වර්ගයක් පානීය ජලයට කළවම් කර බීමට දීමෙන් රෝගාතුරවූ සිසුවියන් හය දෙනෙකු ප්‍රතිකාර සඳහා නාරම්මල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටින බව නාරම්මල පොලීසිය පවසයි.
Read Moreරාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය, ජානක වක්කුඹුර, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ද මෙම සංචාරයට එක්ව සිටිති.
Read Moreඑමෙන්ම මුදල් වංචා සිදු නොකිරීමටද සියලු දෙනා වග බලා ගත යුතුයි. මුදල් වංචා සිදු කරන අයට එරෙහිව තරාතිරම නොබලා දැඩි පියවර ක්‍රියාත්මක වෙනවා.මුදල් වංචා නිසා දිනකට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලංගමට අහිමිවනවා. ටිකට් පත් වංචා සදහා ලංගමයේ හදිසි වැටලීම් ඒකකයේ ඇතැම් අයත් සම්බන්ධ බවට ලැබුනු වාර්තා නිසා පසුගිය සතියේ දී ලංගම හදිසි වැටලීම් ඒකකය විසුරුවා හැරියා. වංචා දූෂණ වලට සම්බන්ධ අය සදහා ආයතනික මට්ටමෙන්ද නව අල්ලස් පනත අනුවද පරීක්ෂන ක්‍රියත්මක වනවා.
Read Moreයාපනය මහනුවර මාර්ගයේ මාන්කුලම් පනිච්චංකුලම් ප්‍රදේශයේදී අද (15) අලුයම සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 8 කට බරපතල තුවාල සිදුව ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.
Read Moreවාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 09 ක් අතරින් ව්‍යාපෘති 07 ක ප්‍රගතිය 0%සිට 13.6% ක අවම මට්ටමකට පැවති බව, ජාතික විගණනය මගින් අනාවරණය කර ඇතැයි ජාතික විගණන අංශයේ නිලධාරියෙකු සමගඉකුත් 12දින කළ විමසීමක දී අනාවරණය විය.
Read Moreමගීන්ට සිටගෙන යා හැකි ආකාරයේ සුඛෝපභෝගි බස්රථ සේවාවක් කොළඹ නගරය මූලික කර ගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත්, වාහන ආයනයන සීමා ඉවත් වූ වහාම බස්රථ ගෙන්වීමට සැලසුම් කර තිබෙන බවත් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreවිනාඩි 30 ක පමණ කාලයක් කළුතර විදුහලක බිත්ති දෙකකට සිරවී සිටී හත් දැරියක බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සමත්ව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
Read Moreයාපනය, කල්වියන්කාඩු, ජී.පී.එස් ක්‍රීඩාංගණය අසල ගොඩනැගිල්ලක් තුළ පුද්ගලයකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු හයදෙනකු අද (14) දින අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි.
Read More