ෆ්‍රැන්සිස් පාප් තුමන්ව හදිසියේ රෝහල්ගත කරයි
- 30 03 2023
- 17:50
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ශ්වසන අපහසුතාවක් හේතුවෙන් පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් හදිසියේ රෝහල්ගත කර ඇති බව වතිකානුව නිවේදනය කරයි.
ඒ අනුව, එලැඹෙන සිකුරාදා දිනය වනතුරු පාප් තුමන් සම්බන්ධ වන සියලුම වැඩසටහන් අවලංගු කර ඇති අතර, ඉරිදා දේව මෙහෙයටද පාප් තුමන්ට සහභාගී වීමට ලැබේවිද යන්න තවමත් පැහැදිලි නැත.
කෙසේ වෙතත්, මෙය කොවිඩ්-19 තත්ත්වයක් නොවන බවත්, පසුගිය දින කිහිපය පුරා හුස්ම ගැනීමේ අපහසුතා සම්බන්ධයෙන් පාප් තුමන් පැවසූ බවද වතිකානුව තවදුරටත් තහවුරු කරයි.
ඒ අනුව, පාප් තුමන්ට දින කිහිපයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බවද වතිකානුව වැඩිදුරටත් නිවේදනය කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
