හොංකොං විශ්වවිද්‍යාල තුළ තිබී පෙට්‍රල් බෝම්බ 4000ක් සොයා ගනී
පොලිටෙක්නික් විශ්වවිද්‍යාල භූමිය පිරිසිදු කිරීමේදී දින දෙකක් තුළ පෙට්‍රල් බෝම්බ 4,000කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව හොංකොං පොලිසිය පවසයි.
මෙම කඳවුර ප්රජාතන්ත්රහිතවාදී ක්‍රියාකාරීන් සහ පොලීසිය අතර දැඩි ගැටුමක් ඇති ස්ථානයක් වූ අතර බ්‍රහස්පතින්දා විරෝධතාකරුවන් පිටත්ව යාමත් සමග නිලධාරීන් ඒ තුළට පිවිසියේය.
ඔවුන් පෙට්‍රල් බෝම්බ 3,989ක් සොයා ගෙන ඇති අතර, පුපුරණ ද්‍රව්‍ය 1,339 ක්, විඛාදන ද්‍රව බෝතල් 601 සහ ආයුධ 573 ක් ඒ සමග හමුවී තිබේ.
ඒ අනුව මෙම විශ්වවිද්‍යාලය දැන් එහි කළමනාකාරිත්වයට භාර දී ඇත.
සති දෙකකට පෙර විරෝධතාකරුවන් සරසවිය තුළට පිවිසීමට බාධක යෙදූ අතර, පසුව ආරක්ෂක අංශ ඊට ප්‍රතිචාර දැක්වූයේ විශ්ව විද්‍යාල භූමිය මුද්‍රා තබා විරෝධතාකරුවන් දහසකට වැඩි පිරිසක් එක් අවස්ථාවක සිර කර තැබීමෙනි.
ක්‍රියාකාරීන් - ගඩොල්, පෙට්‍රල් බෝම්බ සහ දුනු හා ඊතලවලින් සන්නද්ධව සිටි පොලිස් නිලධාරීන්ට පහරදුන් අතර, පසුගිය සිකුරාදා සියලු දෙනාට යටත්වන ලෙස හෝ පැන යන ලෙස පොලීසිය කීය.
ඒ අනුව, විරෝධතාකරුවන් විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

