හිස්බුල්ලා ඩ්‍රෝන යානය ඊශ්‍රායල් ප්‍රහාරයෙන් බිම
- 18 05 2022
- 08:45
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායමක් විසින් ඊශ්‍රායල ගුවන් සීමාවට දියත් කළ මිනිසුන් රහිත ගුවන් යානයක් වෙඩි තබා බිම හෙළූ බව ඊශ්‍රායල හමුදාව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව කියා සිටියේ සොල්දාදුවන් ඩ්‍රෝන යානය බාධා කිරීමට පෙර එය නිරීක්ෂණය කර ඇති බවයි.
හමුදාව සිද්ධිය පිළිබඳව සවිස්තර වාර්තාවක් නොකළ නමුත් ඊශ්‍රායල් ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමට දරන ඕනෑම උත්සාහයක් වැලැක්වීම සඳහා ඔවුන් දිගටම ක්‍රියාත්මක වන බව පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානය තවමත් අදහස් දක්වා නොමැත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
