හිමාල කඳුකරයේ හිම කුණාටුවක් සමග කඳුනගින්නන් 9ක් මරුට?
බටහිර නේපාලයට අයත් හිමාල කඳුකරයේ පිහිටි කඳු නිගින්නන්ගේ කඳවුරක් දරුණු හිම කුණාටුවකින් විනාශ වී එහි සිටි කඳු නගින්නන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
මෙම පිරිස අතර පස් දෙනෙකුගෙන් යුතු දකුණු කොරියානු විශේෂඥ කණ්ඩායමක්ද සිට ඇති අතර, අනෙක් සිව්දෙනා නේපාල ජාතික ෂර්පාවරුන් හෙවත් ඔවුන්ගේ සහායකයන් බව කියැවෙයි.
හිම කුණාටුව ඇතිවන අවස්ථාවේදී ගුර්ජා කඳුකරය ආශ්රිත කඳවුරේ ඔවුන් සිටි බව පොලීසිය පවසයි.
මුදාගැනීමේ හෙලිකොප්ටර් යානා ප්රදේශය වෙත යැවුණු පසුව මළ සිරුරු 8ක් දැකගත හැකි වූ බව ඔවුන් තහවුරු කර ඇති අතර, පවතින අයහපත් කාලගුණය හමුවේ එහි රැඳී සිටීමට ඔවුන්ට හැකියාවක් නොලැබී ඇත.
කෙසේ වෙතත්, මෙහි සිටි එක් අයෙකු පිළිබඳ තොරතුරක් නොමැති බව සඳහන් වෙයි.
මියගිය පිරිස අතර ලෝකයේ උසම කඳු මුදුන් වෙත ඔක්සිජන් නොමැතිව වුවද වේගයෙන්ම ගමන් කළ දකුණු කොරියානු කඳු නගින්නෙකුද සිටින බව කියැවෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

