හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.
මෙම සංවිධානයේ හමුදා හෝ දේශපාලන සංවිධාන සමග සබඳතා පැවැත්වීම මින් ඉදිරියට සම්පූර්ණයෙන් තහනම් වන අතර, යම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් එසේ සබඳතා පවත්වන්නේ නම් ඔවුන්ට වසර 10ක සිර දඬුවමකට යටත්වීමට සිදුවනු ඇත.
හිස්බුල්ලා සංවිධානය විසින් මැදපෙරදිග කලාපයේ නිරන්තරයෙන් අස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කරන සංවිධානයක් ලෙස හඳුනාගෙන ඇති බව බ්‍රිතාන්‍ය ස්වදේශ ලේකම් සජීඩ් ජවීඩ් පවසයි.
ඉරානයේ සහාය ලබන මෙම සංවිධානය සිරියාවේ බෂර් අල් අසාද්ට සහාය දක්වන හමුදාවට සහාය දැක්වීම සඳහා තම සාමාජිකයන් සම්බන්ධ කර ඇති බවටද චෝදනා නැගෙයි.