හුවාවේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ඇමෙරිකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් සූදානමින් සිටියත්, එහි අවසන් තීරණය ගත යුත්තේ අධිකරණය බව කැනඩාව කියයි.
මෙන්ග් වැන්සෝ ඇමෙරිකාව වෙත ගෙන්වා ගෙන ඇය එරට අධිකරණයක් හමුවට පැමිණවීම ඔවුන්ගේ අභිප්‍රාය වී තිබේ.
ඉරාන සම්බාධක නොතකමින් කටයුතු කර ඇති බවට ඇයට එරෙහිව චෝදනා ගොනා කිරීමට ඇමෙරිකාව බලාපොරොත්තු වෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉල්ලීම පරිදි පසුගිය දෙසැම්බර් මාසයේදී කැනඩාව විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබිය.
කෙසේ වෙතත්, මෙය දේශපාලනමය සිදුවීමක් බවට චෝදනා කරන චීනය, මේ වනවිට ඇමෙරිකාව හා කැනඩාව අතර සබඳතා පළුදු කෙරෙන සිදුවීමක් බවද පවසා සිටියි.