උතුරු අප්‍රිකාව තුළ සිය ප්‍රථම සංචාරය සිදුකරමින් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය මොරොක්කෝව වෙත පැමිණ තිබේ.
සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරියගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ බ්‍රිතාන්‍ය සහ මොරොක්කෝව සමග සබඳතා තරකර ගැනීමය. මොරොක්කෝව යනු මෙම කලාපයේ ස්ථාවරත්වයක් පවතින රටවල් අතරින් එකකි.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සම්බන්ධයෙන්ද මෙහිදී රාජකීය යුවල කතාබහ කරනු ඇති අතර, විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන් මොරොක්කෝ ජනතාවගේ ආකල්ප සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට බඳුන්වනු ඇත.
ඊයේ (23දා) රාත්‍රියේ කැසබලන්කා ගුවන් තොටුපොළ වෙත ළඟා වූ කුමරිය සහ කුමරු පැමිණි ගුවන් යානය පැය දෙකකින් පමණ මවා වූ නිසා ඔවුන් වෙනුවෙන් පැවති පිළිගැනීමේ උත්සවයට සහභාගී වූවන්ටද පැය දෙකක පමණ අමතර කාලයක් ගුවන් තොටුපොළෙහි රැඳී සිටීමට සිදුව තිබේ.
ගුවන් තොටුපොළේදී මොරොක්කෝ සම්ප්රදායක අනුව යමින් කිරි සහ රට ඉඳි සංග්‍රහයක් රාජකීයයන්ට ලබාදීමට මොරොක්කෝව කටයුතු කර ඇත.