ට්‍රම්ප්ගේ හිටපු නීතිඥ සහ උපදේශකයෙකු ලෙස කටයුතු කළ මයිකල් කොහෙන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ චෝදනා රැසක් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩල කමිටුවක් ඉදිරියේ අනාවරණය කර තිබේ.
ට්‍රම්ප්, වියට්නාමයේ හැනෝයි නුවරදී උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සමග ඓතිහාසික සාකච්ඡාවක යෙදෙන මොහොතේ මෙම අනාවරණය සිදුවීමද විශේෂත්වයකි.
පැය කිහිපයක් පුරා පාලන හා රජයේ ප්‍රතිසංස්කරණය පිළිබඳ කමිටුව ඉදිරියේ අදහස් දැක්වූ කොහෙන්, ට්‍රම්ප් වර්ගවාදියෙකු, රැවටිලිකාරයෙකු හා වංචාකාරයෙකු බව කියා සිටියේය. 2016 මැතිවරණය සමයේදී විකිලීක්ස් අනාවරණය කරගත් ඩිමොක්රටික් ඊමේල් මුදාහරින ලෙස ට්‍රම්ප්ගේ දේශපාලන උපදේශකයෙකු වූ රොජර් ස්ටෝන්ස්ගේ ඉල්ලීමක් කර තිබූ බවත්, එය ට්‍රම්ප්ගේ අනුදැනුමින් සිදුවූ බවත් හෙතෙම අනාවරණය කළේය.
කෙසේ වෙතත්, වියට්නාමයේ සිටින ට්‍රම්ප් විසින් කොහේන් නගන මෙම චෝදනාවන්ට වඩා එම සමුළුව වෙත වැඩි අවධානයක් යොමුකර සිටින බව පෙන්වා දෙන විදෙස් මාධ්‍ය, කෙසේ වුවද අද සවස මධ්‍ය හමුවන අවස්ථාවේදී කොහෙන්ගේ පාපොච්ඡාරණය සම්බන්ධයෙන්ද මාධ්‍ය වෙත අදහස් දැක්වීමට ට්‍රම්ප්ට සිදුවනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසයි.