සැබෑ පරීක්ෂාව සිදුවන්නේ ඉදිරි දින කිහිපයේයි - ට්‍රම්ප්
වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් තමා අසනීප වූ නමුත්, දැන් සුවයක් දැනෙන බව පවසා තිබේ.
"මට සුවයක් දැනීමට පටන්ගෙන තිබෙනවා. මම හිතන්නෙ සැබෑ පරීක්ෂාව සිදුවන්නේ ඉදිරි දින කිහිපය තුළයි. ඒ නිසා ඉදිරි දින කිහිපය තුළ කුමක් වේවිද කියා අප බලාගෙන සිටිනවා." ට්‍රම්ප් එම වීඩියෝ පණිවුඩයෙන් පවසයි.
ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් යම් ව්‍යාකූලත්වයක් පවතින වාතාවරණයක ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම හරහා මෙම වීඩියෝව ප්‍රචාරය කර තිබුණි.
ධවල මන්දිරයේ වෛද්‍ය කණ්ඩායමක් සෙනසුරාදා උදෑසන පැවසුවේ ට්‍රම්ප්ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවත් ඔහු ධවල මන්දිරයට නැවත පැමිණීම ගැන දැනටමත් කතා කරමින් සිටින බවත්ය.
නමුත් මිනිත්තු කිහිපයක් ඇතුළත ධවල මන්දිරයේ මාණ්ඩලික ප්‍රධානී මාක් මෙඩෝස් වාර්තාකරුවන්ට පැවසුවේ ගෙවුණු පැය 24 අතිශය වැදගත් කාල පරිච්ඡේදයක් වූ බවත්, ඉදිරි පැය 48 ජනාධිපතිවරයාගේ රැකවරණය සම්බන්ධයෙන් තීරණාත්මක වනු ඇති බවත්ය. තවමත් ජනාධිපතිවරයා සම්පූර්ණ සුවය ලැබීමේ පැහැදිලි මාවතක නොසිටින බවද ඔහු කීවේය.


popular news
-
bamunuaarachchi Sunday, 04 October 2020 10:25 AM
obathumaage prathipaththi agaya karana sinhala bauddhayaku washayen mama obathumaata ikmaninma suwaya pathami.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

