ස්වාමියාගේ මුවට මුව තබා අවසන් හුස්ම දෙන්න වෙර දැරූ ඉන්දීය බිරිඳ රේණු
ඉන්දියාවේ අග්‍රා නගරයේ කොවිඩ්-19 ආසාදනය වී රෝහලකට ඇතුළු වීමට නොහැකිව ත්‍රිරෝද රථයක අවසන් හුස්ම පොද හෙළමින් සිටි සිය ස්වාමියාගේ මුවට මුව තබා ඔහු ජීවත් කරවීමට වෙර දැරූ බිරිඳක් ඉන්දීය සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකුගේ හද කම්පා කරවන දසුනක් බවට පත්ව තිබේ.
උත්තර් ප්‍රදේශ් පදිංචිකරුවෙකු වූ රේණු සිංහාල්, තම ස්වාමියා වූ රවී සිංගල් අග්‍රා හි සරෝජිනි නායිදු රෝහලට ගෙන ආවේ වෛරසය ආසාදිතව හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් ඔහු පෙළෙමින් සිටි නිසාය.
නමුත් තම ස්වාමියාව රෝහලට ඇතුළත් කරගැනීමට තබා, ඔහුට ඔක්සිජන් ටැංකියක පිහිටක් හෝ සොයා ගැනීමට නොහැකි වූ ඇය, ඔහුගේ තත්ත්වය නරක අතට හැරෙද්දී, ඔහුව බේරා ගැනීමට මංමුලා වූවෙකු සේ මේ අසාර්ථක උත්සාහය ගනිද්දී රවී සිංහාල් හුස්ම හිරවීමෙන් සිය ජීවිතයෙන් සමුගෙන තිබුණි.
ස්වාමියා තම දෑත් මත අවසන් හුස්ම හෙළන ආකාරය දුටු බිරිඳකගේ මේ කලබලය, මේ අවසන් උත්සාහය, තම ජීවිතයද පරදුවට තැබූ මේ වෑයම කොවිඩ්-19 හමුවේ දැඩි පීඩනයකට ලක්ව ඇති ඉන්දියානු ඛේදවාචකය පිළිබඳ සැබෑම යථාර්ථය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

