ස්ත්‍රී-පුරුෂ පරතරය අවසන් වීමට තවත් ශතවර්ෂයක් ගතවනවාලු
දේශපාලන බලය, ආර්ථික හැකියාව සහ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සලකා බැලීමේදී කාන්තාවන් සහ පුරුෂයන් අතර පරතරය සම්පූර්ණයෙන්ම පහව යෑමට තවත් ශතවර්ෂයක් වත් ගතවනු ඇති බව ලෝක ආර්ථික සංසදය ( WEF) පවසයි.
ස්විට්සර්ලන්තය මූලස්ථාන කරගත් ලෝක ආර්ථික සංසදය ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සම්බන්ධයෙන් ලෝක ප්රවණතා මැන බලන සංවිධානයකි.
එහි නවතම වාර්තාවට අනුව ගතවූ වසර තුළ බ්‍රිතාන්‍යය අදාළ දර්ශකයේ 15 වැනි ස්ථානයේ සිට 21 වැනි ස්ථානය දක්වා පහළ බැස ඇති අතර, ලොව පුරා බොහෝ රටවල වැඩි වැඩියෙන් කාන්තාවන් ආණ්ඩුවට සම්බන්ධවෙමින් සිටියද, ආර්ථික හැකියාව සම්බන්ධයෙන් කාන්තාවන් සහ පුරුෂයන් අතර පරතරය ඉහළ ගොස් ඇති බව වාර්තාව පවසයි.
යුරෝපා මධ්‍යම බැංකුව සහ ලෝක බැංකුවේ ඉහළ පෙළේ තනතුරුවලට මෙන්ම පින්ලන්තය, ජර්මනිය සහ නවසීලන්තය ඇතුළු රටවල රාජ්‍ය නායකත්වයටද කාන්තාවන් පත් වී සිටියද සමස්තයක් වශයෙන් කාන්තාවන් පුරුෂයන් හා සමාන තත්ත්වයකට පත්වීමට තවත් වසර 99.5ක් ගතවනු ඇති බවට ලෝක ආර්ථික සංසදය තක්සේරු කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

