සරල දිවියකට හුරුවෙන්න - පාප්තුමන් නත්තලේදී ඉල්ලයි
- 25 12 2018
- 07:05
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
සරල සහ බහු භාණ්ඩික නොවූ අල්පේච්ඡ දිවිපෙවෙතකට හුරුවන ලෙස නත්තල් දිනට පෙරදා දේව මෙහෙය පවත්වමින් පළමු වැනි ෆ්රැන්සිස් පාප් තුමන් දියුණු රටවල ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම, ලෝකයේ ධනවතුන් සහ දුප්පතුන් අතර වූ දැවැන්ත පරතරය දැඩිව හෙළා දුටු පාප් තුමන්, ගව ලෙනක ජේසු තුමන්ගේ උපත ජීවිතයේ යථාර්ථය සෑම අයෙකුටම පසක් කර ඇති බවද පෙන්වා දෙයි.
වතිකානුවේ ශාන්ත පීතර දේවස්ථානයේදී සාම්ප්රදායික නත්තල් දිනට පෙරදා දේවමෙහෙය පවත්වමින් පාප් තුමන් මෙසේ වැඩිදුරටත් අදහස් දක්වා තිබේ.
මේ වනවිට 82 වැනි වියෙහි පසුවන පළමු වැනි ෆ්රැන්සිස් පාප් තුමන් රෝමානු කතෝලික පල්ලියේ ප්රධානියා බවට පත්වීමෙන් පසුව ගෙවන හය වැනි නත්තල මෙයයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
