සමාජ දුරස්ථබව ආරක්ෂාකළ රාජකීය මංගල ඡායාරූපය
එක්සත් රාජධානියේ බියට්‍රිස් කුමරිය, දේපළ වෙළෙඳාම් ව්‍යාපාරිකයෙකු වූ එඩෝඩෝ මාපෙලි මොසි සමග අතිනතගත් රාජකීය විවාහ උත්සවය වින්ඩ්සර් මාලිගයේදී පැවති අවස්ථාවේදී දෙවැනි එලිසබෙත් රැජින හා එඩිනිබරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරු පෙනී සිටි රාජකීය මංගල ඡායාරූපය සමාජ දුරස්ථබව ආරක්ෂා කළ එකක් බව විදෙස් මාධ්‍ය පවසයි.
බ්‍රිතාන්‍ය සිංහාසනයේ උරුම අනුව නවවැනි ස්ථානයේ පසුවන බියට්‍රිස් කුමරියගේ පියා වන්නේ ඇන්ඩෘ කුමරාය. දෙවැනි එලිසබෙත් මහ රැජින ඇගේ මිත්තනියයි.
බකිංහැම් මාලිගය විසින් නිකුත් කරන ලද ඡායාරූපවලින් දැක්වෙන්නේ කුමරිය ඇගේ මිත්තණිය වන එලිසබෙත් රැජින සහ සීයා වන පිලිප් කුමරුගෙන් දුරස්ථව ඡායාරූපයට පෙනී සිටි ආකාරයයි.
බියට්‍රිස් සහ මාපෙලි මොසි පසුගිය සැප්තැම්බර් මාසයේ සිට විවාහ ගිවිසගෙන ඇති නමුත්, නව කොරෝනා වසංගතය හේතුවෙන් මැයි 29දා පැවැත්වීමට තිබූ විවාහ උත්සවයට බාධා එල්ල විය.
ඒ අනුව රජයේ මාර්ගෝපදේශයන්ට අනුව කුඩා පෞද්ගලික උත්සවයක් ලෙස විවාහ මංගල උත්සවය පැවැත්වීමට තීරණය කළ බව රාජකීයයන් නිවේදනය කර තිබුණි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

