සිම්බාබ්වේ නව ජනාධිපතිවරයා ලෙස පසුගියදා පැවති මැතිවරණයෙන් බලයට පත් එමර්සන් මනන්ග්වා දිවුරුම්දීම හරාරේ අගනගරයේදී සිදුව තිබේ.
ජනතා ඡන්දයෙන් බලයට පත් දෙවැනි නායකයා ලෙස විශාල ජනකායක් මධ්‍යයේ ඔහුගේ දිවුරුම්දීම සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම දිවුරුම්දීමේ අවස්ථාවට දීර්ඝ කාලයක් සිම්බාබ්වේ පාලනය කළ හිටපු ජනපති රොබට් මුගාබේ හෝ ඔහුගේ බිරිඳ ග්‍රේස් මුගාබේ සහභාගී වී නොමැති බවද සඳහන් වෙයි.
මේ අතර, සානු පී.එෆ් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ පක්ෂයේ ප්‍රථම මහ ලේකම් සහ හිටපු ජනපති රොබට් මුගාබේ අසනීප තත්ත්වයෙන් පසුවන බවයි.
නව ජනපති එමර්සන් මනන්ග්වා හිටපු නායකයා වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඔහුට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවද පක්ෂය සඳහන් කරයි.
සිම්බාබ්වේ හමුදාවේ සහාය ඇතිව මනන්ග්වා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී හිටපු ජනපති මුගාබේ බලයෙන් පහ කරනු ලැබුවේ ඔහුගේ වසර 37ක දීර්ඝ පාලන කාලය නිමාවට පත්කරමිනි.
ඉන් අනතුරුව පසුගිය ජූලි 31දා පැවති මැතිවරණයේදී මනන්ග්වාගේ ප්‍රතිවාදියා ලෙස තරග කළ නෙල්සන් චාමිසා වෙත සහාය පළ කිරීමට මුගාබේ කටයුතු කළේය.