ඇමෙරිකාවේ ස්පේස්එක්ස් සමාගම විසින් දියත් කරන ලද ඔවුන්ගේ ඩ්‍රැගන් කැප්සූලය සාර්ථකව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
පරීක්ෂණ ගමන්වාරයක් සඳහා මිනිසුන් රහිතව දියත් කරන ලද මෙම කැප්සූලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය සැපයුම් සහිතව දියත් කරනු ලැබිණි. ඊට අමතරව, පරීක්ෂණ ඩමියක්ද එහි ගමන් කර තිබුණි.
මිනිසුන් අභ්‍යවකාශයට රැගෙන යාමට පෙර එම කැප්සූලය යෝග්‍යතාවයෙන් යුතුද යන්න පරීක්ෂා කිරීම සඳහා ස්පේස්එක්ස් සමාගම විසින් දියත් කළ වඩාත් සාර්ථකම අභ්‍යවකාශ ගමන ලෙස මෙය සැලකෙයි.
ග්‍රිනීච් වේලාවෙන් පෙ.ව.10.51 ට කැප්සූලය ස්වයංක්‍රීයවම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වී තිබේ.
එම අවස්ථාවේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නවසීලන්තයට උතුරින් වූ සාගරයට ඉහළින් අභ්‍යවකාශයේ රැඳී තිබී ඇති අතර, වඩාත් සම්පූර්ණ හා ආරක්ෂිත සම්බන්ධ වීමක් ඉන් විනාඩි 10කට පසුව තහවුරු කර තිබුණි.