ස්පාඤ්ඤයේ ක්රීඩා සහ සංගීත සැණකෙළියක් අවස්ථාවේදී දැවයෙන් තැනූ ප්රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
ස්පාඤ්ඤයේ, ගැලීසියා හි වින්ගෝ නගරයේ පැවති දෙදින රැප් සංගීත ප්රසංගයක් අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.
සිද්ධියෙන් කිසිවෙකුත් බරපතළ තුවාල ලබා නොමැති බවත්, ප්රේක්ෂකාගාරය කඩා වැටෙනවාත් සමග ප්රේක්ෂකයන් බියට පත්ව ආරක්ෂාව පතා දිවයෑමට උත්සාහ කිරීමේදී සිදුවූ තුවාලද පවතින බවත් පොලීසිය කියයි.
වෙරළාසන්නයේ තැනූ මෙම ප්රේක්ෂකාගාරය කඩා වැටෙනවාත් සමග ඇතැම් පිරිස් මුහුදට වැටී ඇති බවද සඳහන් වෙයි.
මුදාගැනීමේ කණ්ඩායම් කිහිපයක් සිද්ධිය වූ ස්ථානයට යොමුකර ඇති බවත්, මුහුදට වැටුණු පිරිස් සිරවී සිටින්නේ දැයි සොයාබැලීමට කිමිදුම්කරුවන්ද යෙදවූ බවත් බලධාරීහු පවසති.