සඳ මතුපිට ඇති දූවිලි සඳ තරණයට යන ගගනගාමීන්ට ඉන්ධන, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ඇතැම් විට පානීය ජල අවශ්යාතවද සපුරාලන ප්‍රභවයක් විය හැකි බව බ්‍රිතාන්‍ය විවෘත විශ්වවිද්‍යාලය පවසයි.
සඳ මත පා තබන විට මිනිසුන්ට “භූමියෙන් බැහැරව” ජීවත් විය හැකි ක්‍රම පිළිබඳව සොයා බලන මිල්ටන් කේන්ස් මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරයි.
1969 දී පළමු සඳ ගොඩබෑමේදී නීල් ආම්ස්ට්‍රෝං විසින් එකතු කරන ලද චන්ද්‍ර පස පිළිබඳව කණ්ඩායම සිය අධ්‍යයනය පදනම් කර ගෙන ඇත.
ආචාර්ය උපාධිධාරී සිසුවෙකු වන හැනා සාජන්ට් පැවසුවේ, “සෑම මිලිග්‍රෑම් එකක් සඳහාම අප ගණන් දිය යුතුයි.” යනුවෙනි.
නාසා ඇපලෝ 11 මෙහෙයුමේදී එකතු කරන ලද සඳ පාෂාණවල සාම්පල මිල්ටන් කේන්ස් හි විවෘත විශ්ව විද්‍යාලයේ (OU) භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවේ තබා ඇත.
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ඊඑස්ඒ) සහ රුසියානු විද්‍යාඥයන් සමඟ එක්ව අත්හදා බැලීම් වසර පහක් තුළ සඳෙහි දකුණු ධ්‍රැවීය කලාපයේ සිදුවිය හැකි බවට විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.