සෙනගාලයේ පැවති මැතිවරණයෙන් වත්මන් ජනපති මාර්කි සෝල් සිය දෙවැනි ධුර කාලය සඳහාද බලය තහවුරු කර ගනිමින් සිටින බව එරට අගමැතිවරයා පවසයි.
අගමැති මොහොමඩ් ඩිඕනේ පවසා සිටියේ දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව 57%ක ප්‍රතිශතයක් ජනපතිවරයා වෙත ලැබී ඇති බවයි. කෙසේ වෙතත්, නිල ඡන්ද ප්‍රතිඵලය තවමත් ප්‍රකාශයට පත්ව නොමැති බව සඳහන් වෙයි.
ජයග්‍රාහී මාවතකට පැමිණියද මෙවර මැතිවරණයේදී වත්මන් ජනපතිවරයා ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් චෝදනා පවතින අතර, ඔහු සිය ප්‍රබල ප්‍රතිවාදීන් ඡන්ද සටනට පැමිණීම වැළැක්වූ බව මාධ්‍ය පවසයි.
ඒ අනුව, පසුගිය වසරේ ජනපති අපේක්ෂකයන් 12 දෙනෙකු මැතිවරණයට තරග කළද මෙවර තරග කර තිබුණේ අපේක්ෂකයන් 5 දෙනෙකු පමණි.