සෞදි අරාබිය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් යේමනය වෙත එල්ල කරන ලද තවත් ම්ලේච්ඡ ගුවන් ප්‍රහාරයකින් දරුවන් 22දෙනෙකු හා කාන්තාවන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අල්-දුරෙයිහිමී ප්‍රදේශයේ පවතින දරුණු ගැටුම්වලින් බේරීමට පළා යමින් සිටි මෙම පිරිසට ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
එදිනම එල්ල වූ තවත් ගුවන් ප්‍රහාරයකින් තවත් දරුවන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී මාර්ක් ලොව්කොක් මෙම ප්රහාරයන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.
දරුවන් පිරිසක් ගමන්ගත් බස් රථයකට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් දරුවන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සතියක් ගෙවුණු තැන මෙම ප්‍රහාර දියත් වී ඇත.
යේමන රජයට පක්ෂපාතී සෞදි රජය ප්රමුඛ සන්ධානයේ ගුවන් ප්‍රහාර හොයුතු කැරලිකරුවන් ඉලක්ක කරමින් එල්ල වන බව පැවසුණත්, මේ දක්වා මෙම ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.