සුඩානය පුරා හදිසි තත්ත්වයක් ප්රකාශ කරමින් එරට රජය විසුරුවා හැරීමටත්, ප්රාන්ත ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමටත් ජනපති ඔමාර් අල්-බෂීර් කටයුතු කර තිබේ.
රූපවාහිනියෙන් ජාතිය අමතමින් මේ බව ප්රකාශ කළ ජනාධිපතිවරයා, ඉවත්කළ ආණ්ඩුකාරවරුන් වෙනුවට ආරක්ෂක අංශ සාමාජිකයන් ප්රාන්තයේ වැඩ බැලීමට පත්කර තිබේ.
කෙසේ වෙතත්, මීට පෙර සුඩාන ජාතික ආරක්ෂක සහ බුද්ධි ඒකකය පවසා සිටියේ වත්මන් ජනපතිවරයා සිය ධුරයෙන් ඉවත්වීමට සූදානමින් සිටින බවය.
පසුගිය සති කිහිපය පුරා පැවති රාජ්ය විරෝධී උද්ඝෝෂණ සමග ජනපතිවරයා මෙම පියවර ගන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
විශේෂයෙන්ම සිය කතාවේදී ජනපතිවරයා කියා සිටියේ උද්ඝෝෂණවලින් රට අස්ථාවර කිරීමට තමා අවස්ථාවක් නොදෙන බවය.
ඒ අනුව, වසරක කාලයක් රට පුරා හදිසි තත්ත්වයක් ක්රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.