ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 25 සීමාව වෙත ළඟවීම පසුගිය අගෝස්තු 07දා සිදුවූ බව එරට සංඛ්‍යාලේඛන බලධාරීහු නිල දත්ත ප්‍රකාශයට පත්කරමින් කියති.
මේ ආකාරයෙන් ඔස්ට්‍රේලියාවේ ජනගහනය වේගයෙන් ඉහළ යෑමට එරටට ළඟාවන සංක්‍රමණිකයන් හේතු වී ඇත.
මෙම සංක්‍රමණික ගලාඒම රටට වාසිදායකද, නැද්ද යන්න පිළිබඳව රට තුළ මේ වනවිට විවාදයක් මතුව ඇති අතර, විශේෂයෙන් 2001 දක්වා එරටට සංක්‍රමණය වූ 50%ක් යුරෝපීය සංක්‍රමණිකයන් වුවත්, 2016 වනවිට එය අභිභවා ආසියානු හා මැදපෙරදිග සංක්‍රමණිකයන් වැඩිවීමත් කතාබහට ලක්වෙමින් තිබේ.
ඔස්ට්‍රේලියාවේ සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ වාර්තා අනුව 2011 වසර වනවිට එරට ජීවත්වන 26%ක් දෙනා විදේශ රටවලදී උපත ලැබූවන් වන අතර, එහි යටි අරුත නම් එරට සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක් විදේශයක උපත ලැබූවෙකු වීමයි.