ඇමෙරිකානු සංක්‍රමණික නීති වෙනස් කිරීමත් සමග එරටට නීති විරෝධී ලෙස ඇතුළු වූ පුද්ගලයන් සිය පවුල්වලින් බෙදී වෙන්වන විට එම දරුවන්ගේ ඉරණම සම්බන්ධයෙන් ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප් අවධානය යොමුකර තිබේ.
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙනෙන ලද මෙම නව සංක්‍රමණික නීති ඇතැම් පාර්ශ්ව විසින් විවාදයට ලක්කර තිබේ.
මේ අතර, ජනපති ආර්යා මෙලානියාද පවසා තිබුණේ දරුවන් තම පවුල්වලින් වෙන් කරනු දැකීමට තමන් කිසිසේත්ම කැමති නැති බවයි.
ඒ වෙනුවෙන්, වඩාත් සාර්ථක සංක්‍රමණික ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව පැන නැගී ඇති බවත් ඇය අවධාරණය කර සිටියි.
හිටපු ජනපති ආර්යාවක් වූ ලෝරා බුෂ්ද මේ සංක්‍රමණික ප්‍රතිපත්තිය අමානුෂීය බව පවසා ඇත.
ගෙවීගිය සති 6ක කාලය තුළ නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමේ ක්‍රියාමාර්ග සමග පවුල් 2000ක් පමණ බෙදී වෙන්ව ගොස් ඇති බව ගණන් බලා තිබේ.
එමෙන්ම, ඇමෙරිකානු දේශසීමා පැනීමට ආ වැඩිහිටියන් අත්අඩංගුවට පත්ව, ඔවුන්ට නීති විරෝධී ආගමන යටතේ අපරාධ චෝදනා ගොනු කර ඇති බවත් වාර්තා වෙයි.