ෂින්ජියෑන්ග් පළාතේ මිලියන 5ක් දින කිහිපයකින් පරීක්ෂා කර චීනයෙන් ආසාදන 183ක්
චීනයේ බටහිර ෂින්ජියැන්ග් කලාපයේ මතුවූ ආසාදන සිදුවීමකින් පසුව එම පළාතේ කෂ්ගර් නගරය ආවරණය කරමින් මිලියන 5කට ආසන්න ජනතාවක් දින කිහිපයක් තුළ කොවිඩ්-19 පරීක්ෂාවට නතු කිරීමට චීන බලධාරීන් කටයුතු කරනු ලැබීය.
ඒ අනුව කලාපයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් අඟහරුවාදා මෙම මහා පරිමාණ පරීක්ෂණ වැඩසටහනක් සම්පූර්ණ කිරීමෙන් පසු කොවිඩ්-19 ආසාදන 183ක් වාර්තා විය. එයින් පෙන්නුම් කළේ රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් 22ක් සහ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 161ක් වාර්තා වීමකි.
කෂ්ගර් නගරයේ මිලියන 4.74ක ජනතාවකගේ විශාල පරීක්ෂණ වැඩසටහනක් බලධාරීන් විසින් දින කිහිපයකින් අවසන් කළ බව ෂින්ජියැන්ග් සෞඛ්‍ය කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කීය. සති අන්තයේ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව මෙම වැඩසටහන දියත් කරන ලදී.


popular news
-
Hubert Thursday, 29 October 2020 06:44 AM
China is accountable for chinese virus
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

