ශ්‍රී ලංකාවට සංචාරක අවදානම් රටවල් කිහිපයක්ම නිකුත් කරයි
- 23 04 2019
- 16:45
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන්ට සංචාරක අවදානම් නිවේදන නිකුත් කළ රටවල් අතරට දකුණු කොරියාවත් එක්වෙයි.
මීට පෙර ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ චීනය තම රට වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සංචාරක අවදානම් නිවේදන නිකුත් කර තිබුණි.
ඒ අනුව, දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරක අවදානම ඉහළම මට්ටමට ගැනීමට කටයුතු කර තිබේ.
"ශ්‍රී ලංකාවේ සංචාරය කරන අපේ ජනතාවට වැඩි අවධානයක් යොමු කරන ලෙස අප දන්වා සිටිනවා. එමෙන්ම, එම කලාපයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ජනතාව තම සංචාරය සිදුකළ යුතුමද යන්න පිළිබඳව වඩාත් අවධානයෙන් සැලකිලිමත් විය යුතු වෙනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
