නව මෘදුකාංගයක් හඳුන්වාදීමත් සමග දකුණු කොරියාවේ සෝල් අගනුවර ප්‍රථම වරට ශ්‍රවණාබාධිත ටැක්සි රියදුරන් මාර්ගයට පිවිස ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රවණ තත්ත්වය දුර්වල පුද්ගලයන්ට ටැක්ස් රථ රියදුරෙකු ලෙස කටයුතු කිරීමට සඳහා අවශ්‍ය සහාය ලබාදෙනු වස් හඳුන්වාදෙන මෙම මෘදුකාංගය නිසා බොහෝ පිරිස් උද්දාමයට පත්ව ඇති බවද සඳහන් වෙයි.
මෙම නව මෘදුකාංගයත් සමග පසුගිය සතිය වනවිට ශ්‍රවණාබාධිත පුද්ගලයන් දෙදෙනෙකු නගරයේ ටැක්සි රියදුරු රැකියාවට එක්ව තිබේ.
මෙහිදී, ටැක්ස් රථයේ පසුපස ආසනවලට පෙනෙන ලෙස සවිකර ඇති ටැබ් පරිගණකය සහ ඉදිරියේ ඇති ටැබ් පරිගණකය එකිනෙකට සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක වන අතර, පසුපස අසුන්ගෙන සිටින මගීන් තමන්ට යා යුතු ස්ථානය, මුදල් ගෙවීම් සම්බන්ධයෙන් අදහස් දක්වන විට ඒවා අකුරු බවට පත්වෙමින් ඉදිරිපස අසුනේ සිටින ශ්‍රවණාබාධිත රියදුරුට එම ටැබ් පරිගණකයෙන් පෙනෙන්නට සලස්වයි.
මෙම උපකරණ සෝල් නුවර Goyohan Taxi හා Silent Taxi සමාගම්වල යෙදවුම් සමග සම්බන්ධව ඇති නිසා ඉදිරියේදී කිසිදු ගැරහුමකට ලක්නොවී ශ්‍රවණාබාධිත පුද්ගලයන්ටත් පහසුවෙන් තම වෘත්තීය කටයුතු සිදුකිරීමට හැකිවනු ඇති බව සඳහන් වෙයි.