වෛරසය යමක් ඉගැන්වූයේ නම් ඒ මනුෂ්‍යත්වයයි - WHO
COVID-19 වෛරසය අපට යමක් ඉගැන්වූයේ නම් ඒ මනුෂ්‍යත්වය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේ අද (18දා) ආරම්භ වූ 73 වැනි ලෝක සෞඛ්‍ය සමුළුව අමතමිනි.
"මේ වෛරසය අපට යමක් උගන්වන්නේ නම්, ඒ මනුෂ්‍යත්වයයි. මේ ඉතා කුඩා වෛරසය මගින් ලෝකයම මනුෂ්‍යත්වය වෙත කැඳවාගෙන ගොස් තිබෙනවා." හෙතෙම සඳහන් කළේය.
"මීට මාස හයකට පෙර, ලෝකයේ විශාලතම නගර කඩා වැටෙනු ඇතැයි බොහෝ දෙනෙකු නොසිතන්නට ඇති." ටෙඩ්රොස් තවදුරටත් පැවසීය. "මහා වෙළෙඳ සැල්, අවන්හල්, පාසල් සහ සේවා ස්ථාන වසා දමන බව, ලෝකයේ සංචරණය ඇණහිටින බව, යමෙකුට අතට අතදීම ජීවිතයට තර්ජනයක් වන බව මීට මාස හයකට පෙර බොහෝ දෙනෙකුට නොසිතෙන්නට ඇති."
ඔහු සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ, "මේ වෛරසයට ගෞරවයෙන් හා අවධානයෙන් යුතුව සලකන්න" යනුවෙනි.
"නමුත් සංඛ්‍යා මගින් මේ වෛරසයේ කතාව ඉස්මතු කරන්න උත්සාහ නොකරන්න. සෑම ජීවිත හානියක්ම පවුලට, ඒ ප්‍රජාවට වගේම ජාතීන්ට කැළලක් ඇති කරනවා" යැයි හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

