වෙළෙඳ සංකීර්ණයක ගිනි කෙළි පුපුරා ජීවිතහානි 5ක්
ආර්මේනියානු අගනුවර වන යෙරෙවන් හි සාප්පු සංකීර්ණයක ගිනිකෙළි ගබඩාවක් පුපුරා යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගිය බව විදෙස් වාර්තා පවසයි.
සුන්බුන් යට තිබී හඳුනා නොගත් මළ සිරුරු දෙකක් මුදාගැනීමේ කණ්ඩායම් විසින් සොයාගෙන ඇති අතර, මියගිය සංඛ්‍යාව 5ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබේ.
හදිසි අනතුරු අධිකාරිය මීට පෙර මියගිය සංඛ්‍යාව 3ක් ලෙස ප්‍රකාශ කළ අතර 61 දෙනෙකු තුවාල ලබා ඇති බව පැවසීය.
එරට හදිසි අවස්ථා පිළිබඳ අමාත්‍යවරයා පැවසුවේ පිපිරුම් හේතුවෙන් ඇති වූ ගින්න නිවා දමා ඇති නමුත් මුදාගැනීමේ කණ්ඩයම් තවමත් දිවි ගලවා ගත් අය සෙවීමේ නිරතව සිටින බවයි. කෙසේ වෙතත් පවතින තද සුළං තවමත් තර්ජනයක් වී ඇති බවද සඳහන් කළේය.
මේ අතර 17 දෙනෙකු පමණ අතුරුදන්ව සිටින බව එරට රාජ්‍ය පුවත් ඒජන්සිය පවසයි. මූලික විමර්ශනයකට අනුව විශාල පිපිරුම් දෙකක් ගිනිකෙළි සහිත ගොඩනැඟිල්ලක කොටසක් කඩා වැටී ඇති නමුත් පිපිරීමට හේතුව කුමක්ද යන්න හඳුනාගෙන නැත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

