ඉන්දීය සුපිරි නළු විජේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවත්වූ දේශපාලන රැලියක් අතරතුර ඇති වූ තෙරපීමකින් ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් ඇති බව නිලධාරීහු පවසති.
දකුණු කරූර් දිස්ත්‍රික්කයේ පැවැති මෙම රැළිය සඳමා දස දහස් ගණනක් ජනතාව රැස්ව සිටියහ. රැළිය ආරම්භ කිරීමද පැය කිහිපයකින් ප්‍රමාද වූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය. රූපවාහිනියේ විකාශය වූ රූපවලින් පෙනී ගියේ පිරී ඉතිරී ගිය ජනකායක් අතර ජනතාව ක්ලාන්ත වී සිටින බවයි.
තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් කරූර් හි වාර්තාකරුවන්ට පැවසුවේ මියගිය සංඛ්‍යාවට අවම වශයෙන් කාන්තාවන් 17 දෙනෙකු, පිරිමින් 13 දෙනෙකු සහ ළමුන් නව දෙනෙකු ඇතුළත් වන බවයි. තවත් 51 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටි බව ඔහු පැවසීය.
මියගිය අයගේ පවුල්වලට ඉන්දීය රුපියල් මිලියනයක (ඩොලර් 11,300; පවුම් 8,400) වන්දි ලබා දෙන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් ස්ටාලින් වැඩිදුරටත් පැවසීය.


