වැග්නර් ප්‍රධානියා මියගිය බව රුසියාව තහවුරු කරයි
මෙම සතිය මුලදී ගුවන් අනතුරකින් වැග්නර් කණ්ඩායමේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් මිය ගිය බව රුසියානු විමර්ශකයින් තහවුරු කළ බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
රුසියානු සමූහාණ්ඩුවේ විමර්ශන කමිටුව උපුටා දක්වමින් රුසියානු මාධ්‍ය පැවසුවේ ට්වර් කලාපයේ ගුවන් අනතුරෙන් මියගිය පුද්ගලයින් 10දෙනාගේ අනන්‍යතාව තහවුරු කර ඇති අතර ඔවුන් ගුවන් ගමන් ලැයිස්තුවට අනුරූප වන බවයි.
අගෝස්තු 23දා මොස්කව් සිට ශාන්ත පීටර්ස්බර්ග් දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික එම්බ්‍රේර් ගුවන් යානයක් ට්වර් ප්‍රදේශයේදී අනතුරට පත්වූ අතර එහි සිටි පුද්ගලයින් 10දෙනාම මිය ගියහ.
එහිදී, රුසියාවේ ගුවන් ප්‍රවාහනය සඳහා වූ ෆෙඩරල් ඒජන්සිය විසින් පසුව නිකුත් කරන ලද ලැයිස්තුවකට අනුව, ප්‍රිගොෂින් සහ වැග්නර් සමූහයේ සම-නිර්මාතෘ සහ අණදෙන නිලධාරි දිමිත්‍රි උට්කින් ජීවිත අහිමි වූ 10දෙනා අතර වූහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
