ඉන්දුනීසියාවේ ගල් ගුහා බිත්තියක තිබී සොයා ගැනුණු සිතුවම වසර 44,000ක් පැරණි බව පුරාවිද්‍යාඥයෝ නිර්ණය කර තිබේ.
හෙල්ල සහ ලණු ලෙස සැලකිය හැකි යමක් අත දරා සිටින අර්ධ-මිනිස්, අර්ධ-සත්ව ජීවීන් පිරිසක් මී ගවයන් වැනි සතුන් දඩයම් කරන ස්වරූපයක් මෙම රූප සටහන්වල දැකිය හැකිය.
ඇතැම් පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ, මෙම දර්ශනය ලොව පැරණිතම සටහන් කළ කතාන්තරය විය හැකි බවය. කෙසේ වෙතත්, එය මෙතෙක් සනාථ කර නොමැත.
ඔස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් පිරිසක් මෙම නව සොයා ගැනීම් පිළිබඳව නේචර් සඟරාවේ පළ කර තිබේ.
ඉන්දුනීසියාවෙන් හමුවූ මෙම සිතුවම ලොව පැරණිතම සිතුවම නොවන බව කියැවෙන්නේ, පසුගිය වසරේදී පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් වසර 73,000ක් තරම් පැරණි "මානවයින්ගේ පැරණිතම සිතුවම" දකුණු අප්‍රිකාවේ පාෂාණ කොටසක තිබී සොයා ගැනුණු බව සඳහන් කළ නිසාය.