බොහෝ දෙනෙකු වැසිකිලිය තුළ කාලය කා දමන බව පෙන්වා දෙමින්, අසුන් ගත්විට ඉදිරිපසින් මඳක් පහළට ඇලවූ ස්වභාවයක් ඇති, විනාඩි කිහිපයකට වඩා අසුන්ගෙන සිටීමට අපහසු නවතම වැසිකිලි අසුන් මාදිලියක් කරළියට පැමිණ තිබේ.
කෙසේ වෙතත්, අංශක 13ක කෝණයක් සහිතව නිමවී ඇති නව වැසිකිලි අසුන් මෝස්තරය එක්සත් රාජධානිය තුළ පේටන්ට් බලපත්රය සඳහා ඉදිරිපත් කර ඇති නමුත් එයඇතැමුන්ගේ අවඥාවට ලක්ව ඇත.
ස්ටෑන්ඩර්ඩ් ටොයිලට් යනුවෙන් නම් කර ඇති එම වැසිකිලිය නිර්මාණය කර ඇති මහබීර් ගිල් සඳහන් කළේ, මෙය තමාගේ පෞද්ගලික අත්දැකීම් මත නිමවූවක් බවයි. අධිවේගී මාර්ගයේදී හදිසි වැසිකිලි යෑමකට නැවැත්වූවද බොහෝ අවස්ථාවල ඒවායේ දිගු පෝලිම් පවතින බව ඔහු කියයි.
ඔහු පෙන්වා දෙන්නේ බොහෝ දෙනෙකු තමන්ගේ ජංගම දුරකථන භාවිත කරමින් වැසිකිලි තුළ කාලය කා දමන බැවින් තමන් මෙම නව සංකල්පය අත්හදා බලමින් ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව, අංශක 13ක ආනතියක් සහිත වැසිකිලි අසුනක උපරිම විනාඩි 5ත්, 7ත් අතර කාලයකට වඩා රැඳී සිටීමට අවස්ථාව නොවන බව ඔහු වැඩිදුරටත් පවසයි.