ඊසානදිග ඉන්දියාවේ මත්පැන් විෂ වීමකින් පුද්ගලයන් 135ක් ජීවිතක්ෂයට පත්ව තවත් 330කට වැඩි පිරිසක් රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
මෙසේ මියගිය පිරිස අතර කාන්තාවන් කිහිප දෙනෙකුද සිටින බවත්, මියගිය වැඩිදෙනා ඇසෑම් ප්‍රාන්තයේ වතු සේවකයන් ලෙස කටයුතු කළ අය බවත් සඳහන් වෙයි.
අද (24දා) දිනයේදී අසෑම් ප්‍රාන්තයෙන් මරණ 35ක් පමණ වාර්තා වී ඇති අතර, මුලින්ම උත්තර් ප්‍රදේශ් සහ උත්තර්ඛාන්ද් ප්රාන්තයන්හි මේ ආකාරයෙන්ම විෂ මත්පැන් පානයෙන් පුද්ගලයන් 100ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ.
ඒ අනුව, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කිරීමට ඉන්දීය පොලීසිය කටයුතු කර ඇත.
මෙම විෂ සහිත මත්පැන් නිෂ්පාදනය කර ඇති නිවස මේ වනවිට සොයාගෙන ඇති බව පවසන පොලීසිය, එය නීතිවිරෝධී මත්පැන් විකුණන ස්ථානයක් ලෙසත් හඳුනාගෙන ඇත.
මියගිය වැඩිදෙනා මත්පැන් පානය කිරීමෙන් පසුව ඔවුන්ගේ ශරීරයේ අභ්‍යන්තර අවයව ක්‍රමයෙන් අඩපණව ඇති බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඉන්දියාව තුළ මෙවැනි මත්පැන් විෂවීම් හෝ දූෂිත මත්පැන් පානයෙන් සිදුවන මරණ සම්බන්ධයෙන් වරින් වර පුවත් වාර්තා වෙයි.